පරිපූර්ණ ක්‍රියා ගැන කතාකරමු.... ඒ මොකක්ද ඒ...???
හරි... ඔන්න අද අළුත් පාඩමක් Tenses වල. මේ අපි යන්නේ තුන් වෙනි පාඩම. කෙලින්ම බහිමුකෝ වල් පල් නැතුව. අපි මේකෙන් කතා කරන්නේ පරිපූර්ණ ක්‍රියා ගැන. ඒ මොනවද ඒ..... එකින් එක කතා කරමු මාතෘකාවෙන් මාතෘකාවට ඈ.....
හොඳින් මතක තියා ගන්න... මේකට අපිට ඕනි වෙන්නේ ක්‍රියාපදයේ Past Participle එක... ඒ කියන්නේ....???
Go - went - gone
eat - ate - eaten
මෙන්න මේ තුන්වෙනිටය පාට කරලා තියන ස්වරූපය....
(1) Present Perfect Tense
මේකේ Present කියලා නම තිබ්බට අපි මේකේ වර්තමානයක් ගැන කතා කරන්නේ නෑ.... එහෙනං මොකටද Present Perfect Tense නම දාලා තියෙන්නේ....??? හරි ඒගැන බලමු....
අපි Perfect කියලා කියන්නේ සර්ව සම්පූර්ණයි කියන එකටනේ. Present Perfect Tense වලදිත් ක්‍රියාව සර්ව සම්පූර්ණයි. ඒකියන්නේ ක්‍රියාව කරලා ඉවරයි. මේකට Present Perfect Tense කියලා කියන්න හේතුව තමා වැඩේ කරලා තියෙන්නේ අතීත කාලෙදි උනාට ඒකේ සම්බන්ධතා වර්තමානයට තියන නිසා.
උදා:-
(i) යාළුවෙක් පොතක් දෙනවා නිකං ඉන්න වෙලාවට කියවන්න. ඔයා ඒක කලින් කියවලා තියන එකක් නං, ඔයා යාළුවට කියනවා....
"අප්පෝ.... මං ඕක කියවලා තියෙන්නේ...." කියලා.... ඒ කියන්නේ ආයේ ඔයා ඒ පො කියවන්න කැමති නෑ. ඇයි කැමති නැත්තේ....?
ඒ පොතේ තිබ්බුවා මතකයි, කියවපු හැටි මතකයි, කතාව මතකයි....
එහෙනං ඔයා මේ වෙනකොටත් ක්‍රියාව කරලා ඉවරයි. වර්තමානයට තියන සම්බන්ධතා තමා ඔය ලා නිල් පාටින් තියෙන්නේ.
(ii) ඔයා දවල් 12ට විතර බත් කාලා... 1ට විතර යනවා යාළුවෙක්ගේ ගෙදර. යාළුවගේ අම්මා අහනවා පුතේ බත් ටිකක් කමුද කියලා... (ඔයාලනං කයි ඉතිං) අපි මොකක්ද කියන්නේ.....???
"අනේ ආන්ටි... මං කාලා ඉන්නේ...." කියලා....
එහෙනං වර්තමානටය තියන සම්බන්ධය මොකක්ද...??? 12ටනේ කෑවේ....
සම්බන්ධය තමා බඩ පිරිලා තියන එක.
අපි සාමාන්‍යයෙන්, ඉන්නවා, තියනවා කියලා කියන්න ඉංග්‍රීසි වල පාවිච්චි කරන වචන තමා Have / Has. බහු වචන වලට Have ඒක වචන වලට Has. < I have a brother, I have a mobile phone > වගේ.
දැන් මෙතනත් පාවිච්චි වෙනවා ඉන්නවා, තියනවා කියන වචන දෙක...
කාලා ඉන්නේ, කියවලා තියනවා, ගිහින් තියනවා, කාලා තියනවා, ඇවිත් ඉන්නේ.... වගේ ඒවා. එහෙනං Have / Has මේ Perfect Tense වලට පාවිච්චි වෙනවා. ඉතිං තාම වාක්‍ය හදන්න කියලා දුන්නේ නෑනේ....
හරි දැන් පටන් ගමු වාක්‍ය හදන්න....
උදා:-
මම බත් කාලා ඉන්නේ = I have eaten rice
S ^ Vp.p O
^
Helping Verb
අපි නුවර ගිහින් තියනවා = We have gone to Kandy
ඇය නුවර ගිහින් තියනවා = She has gone to Kandy
(2) Past Perfect Tense
මේකෙදිත් ක්‍රියාව කරලා ඉවරයි. අර වගේමයි. හැබැයි වෙනස තමා වර්තමානයට සම්බන්ධයක් නෑ.....
උදා:- ඔයා දවල් 12ට බත් කාලා හවස 6ට විතර යනවා යාළුවෙක්ගේ ගෙදර. දැන් එයාගේ අම්මා අහනවා, "පුතේ බත් ටිකක් කමුද" කියලා.... දැන් ඔයා හා කියනවද, බෑ කියනවද.... නිසැකවම හා කියනවා. හේතුව දැන් ඔයාට බඩ ගිනියි. දවල් 12ට කාපු පාරනේ.
ඒ කියන්නේ 12ට කාපු එකේ සම්බන්ධයක් නෑ දැන්. දවල් 1ට ඇහුවනං සම්බන්ධයක් තියනවා.... ඒ නිසා ඔයා කන්නේ නෑ....
Present Perfect Tense එකත් එක්ක වෙනස පැහැදිළි කරන්නං මේ වාක්‍යය වල.... * සළකුණ දාලා තියන විදිහට තමා වාක්‍ය හැදෙන්න ඕනි.
ඒක වචන බහුවචන කර්තෘන් දෙගොල්ලන්ටම පාවිච්චි කරන්නේ had කියන වචනේ. කාටවත් වෙනසක් කරන්නේ නෑ.
මම බත් කාලා ඉන්නේ = I have eaten rice
*මම බත් කාලා හිටියේ = I had eaten rice
ඇය නුවර ගිහින් තියනවා = She has gone to Kandy
*ඇය නුවර ගිහින් තිබ්බා = She had gone to Kandy
(3) Future Perfect Tense
මේකෙදි අපි කතා කරන්නේ ඉස්සරහට කරන්න තියන වැඩක් ගැන. නමුත් අපිට අවශ්‍ය වෙලාව වෙනකො ඒ වැඩේ සම්පූර්ණ වෙලා තියෙයි කියන එක තමා ඒකෙන් කියවෙන්නේ.
උදා:- ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එයාව ගෙදර තියලා ඔයයි, අම්මයි, තාත්තයි ගමනක් යනවා හවස 6ට විතර. උයලා තියලා ඒම. ඔයාලා දුර ගමනක් යන්නේ. රෑ 10 වෙනකොටත් ඔයාලා මග. හොඳටම බඩගිනියි.. ගෙදර යනකං ඉන්නත් බෑ. මග කඩේකින් කාලා එහෙම තාත්තා අහනවා අයියටත් බත් එකක් ඇරං යන්ද කියලා...
ඔයා කියනවා නේද... "අප්පෝ, අපි යනකොට එයා කාලා ඉඳියි...." කියලා. අන්න ඒ කියන හැටි තමා මේ... මෙතෙන්දි will have කියන වචන දෙක පාවිච්චි වෙන්නේ ඒක වචන බහුවචන කර්තෘන් දෙගොල්ලන්ටම. කාටවත් වෙනසක් කරන්නේ නෑ.
මම බත් කාලා ඉඳීවි = I will have eaten rice
ඇය බත් කාලා ඉඳීවි = She will have eaten rice
==========================================
හරි දැන් සේරම ඉවරයි මේ පාඩමේ. ආයේ සාරාංශයක් බලමු....
මම බත් කාලා ඉන්නේ = I have eaten rice
මම බත් කාලා හිටියේ = I had eaten rice
මම බත් කාලා ඉඳීවි = I will have eaten rice
ඇය බත් කාලා ඉන්නේ = She has eaten rice
ඇය බත් කාලා හිටියේ = She had eaten rice
ඇය බත් කාලා ඉඳීවි = She will have eaten rice
වෙනස් වෙලා තියෙන්නේ රතුපාටින් පෙන්නලා තියන ඒවා විතරයි නේද.... වර්තමාන, අතීත, අනාගත කාල තුනටම.....???
ඒකියන්නේ ඔයාලට ක්‍රියාපදයක Past Participle එක පාඩම් කරන් එවනවා. ගොඩක් ඒවගේ අගට "ed" එකතු වෙන්නේ. ඕනෑහ ක්‍රියාපදයක, සරළ අතීත කාලෙට ක්‍රියාපදයේ අගය "ed" එකතු වෙනවනං Past Participle එකටත් "ed" මයි එකතු වෙන්නේ.
උදා:- cook - cooked - cooked
මේවට අපි කියන්නේ Regular Verbs කියලා. මේවනං අවුලක් නෑනේ. ඒ උනාට Irregular Verbs ටික කටපාඩම් කරගන්න වෙයි.
උදා:- go - went - gone
වගේ සම්පූර්ණනේම වචනේ වෙනස් වෙන ක්‍රියාපද.
ඒවා වෙනමම පෝස්ට් එකකින් දාන්නංකෝ....
අපි ගියා. ජය ශ්‍රී..... තෙරුවන් සරණයි.......
No comments:
Post a Comment