Search...

Thursday, March 6, 2014

කෙල්ලෝ Interview එකකට අඳින්න ඕන හැටි....

කෙල්ලෝ Interview එකකට අඳින්න ඕන හැටි බලමු දැන්...

කලින් දැම්මනේ කොල්ලෝ කොහොමද අඳින්න ඕනි කියලා. දැක්කේ නැත්තං මෙතනින් ගිහින් බලන්නකෝ. දැන් කෙල්ලෝ අඳින්න ඕනි හැටි දැම්මේ නැනෑ කියලා මාත් එක්ක තරහ උනොත් ඒම.... නේද...?


හරි එකින් එක විස්තර කරන්නං..... අපේ ගොඩක් අය දැන්නං අඳින්නේ සාරි. මේ විදිහට අඳින් අයට මේ උපදෙස් ටික දෙන්නංකෝ.....

1. කොණ්ඩේ ලස්සනට පීරලා චාම් ස්ටයිල් එකක් දාන්න ඕනි. රූපේ විදිහට කඩා දාලා හිටියට කමක් නෑ. අනං මනං මෝස්තර එපා.

2. මේකප් පුරෝලා එම්බාම් කරපු මළ මිනියක් වගේ යන්න එපා. පුළුවන් තරම් අඩුවෙන් මේකප් කරන්න. 

3. නියපොතු පාට කරන්න එපා. පාට කරනවනං නැචුරල් කලර් තියාගන්න ඕනි. ලිප්ස්ටික් නැචුරල් කලර්....

4. අර ඇතුලට ඇඳලා තියන ඇඳුම සුදු පාටනම් වඩා හොඳයි. ෂර්ට් එකද කොහෙදෝ නෙද ඒක.... 

5. හොඳට මැදපු, රැලි නැති ජැකට් එකක් (බ්ලේසර්) අඳින්න ඕනි අත් දිග. අතේ මැණික් කටුව වැහෙන්න තියෙන්න ඕනි. ෂර්ට් එකේ අත අඟල් බාගයක් විතර බ්ලේසර් එකෙන් පිටට ඇවිත් තියෙන්න ඕනි.

6. අහල පහළ ගෙවල් වලිනුත් එක්ක රත්තරං බඩු ඒම ඉල්ලං හතර වටේ එල්ලගෙන තොරණක් වගේ යන්න එපා. කරට මාලෙයි, චාම් කරාඹු දෙකයි තිබ්බොත් හොඳටම ඇති.

7. ස්කර්ට් එකක් අඳිනවනං දණිස්ස ගාවට තිබීම අනිවාර්යයි. කළු පැහැ එකක් වෙන්න ඕනි.

8. කලිසමක් අඳිනවනං ටයිඩ් වළලු කර දක්වා දිග එකක් වෙන්න ඕනි.

9. හොඳින් පොලිෂ් කරපු ඇඟිලි වැහෙන සපත්තු දෙකක් දාන්න ඕනි.

10. අතේ ගෙනියන්න ඕනි වටේටම ෂිප් එකකින් වැසිය හැකි ෆයිල් එකක්. තමන්ගේ සහතික වැනි දෑ ඒකේ දාගෙන යන්න ඕනි.

අම්මෝ.......... එච්චරයි දැනට.... මොබයිල් ෆෝන් ඒම ඇරං යන්න එපා.
ඒනං මේ විදිහට ඇඳන් යන්න. සාරි ඇන්දත් මේකප් ගොඩක් දාන්න එපා. ආභරණ ගොඩක් අඩුවෙන් දාන්න.

සේරටම ජය ශ්‍රී..... තෙරුවන් සරණයි.

Wednesday, March 5, 2014

Perfect Tense

පරිපූර්ණ ක්‍රියා ගැන කතාකරමු.... ඒ මොකක්ද ඒ...???

හරි... ඔන්න අද අළුත් පාඩමක් Tenses වල. මේ අපි යන්නේ තුන් වෙනි පාඩම. කෙලින්ම බහිමුකෝ වල් පල් නැතුව. අපි මේකෙන් කතා කරන්නේ පරිපූර්ණ ක්‍රියා ගැන. ඒ මොනවද ඒ..... එකින් එක කතා කරමු මාතෘකාවෙන් මාතෘකාවට ඈ.....

හොඳින් මතක තියා ගන්න... මේකට අපිට ඕනි වෙන්නේ ක්‍රියාපදයේ Past Participle එක... ඒ කියන්නේ....???

Go - went - gone
eat - ate - eaten  
මෙන්න මේ තුන්වෙනිටය පාට කරලා තියන ස්වරූපය....


(1) Present Perfect Tense

මේකේ Present කියලා නම තිබ්බට අපි මේකේ වර්තමානයක් ගැන කතා කරන්නේ නෑ.... එහෙනං මොකටද Present Perfect Tense නම දාලා තියෙන්නේ....??? හරි ඒගැන බලමු....

අපි Perfect කියලා කියන්නේ සර්ව සම්පූර්ණයි කියන එකටනේ. Present Perfect Tense වලදිත් ක්‍රියාව සර්ව සම්පූර්ණයි. ඒකියන්නේ ක්‍රියාව කරලා ඉවරයි. මේකට Present Perfect Tense කියලා කියන්න හේතුව තමා වැඩේ කරලා තියෙන්නේ අතීත කාලෙදි උනාට ඒකේ සම්බන්ධතා වර්තමානයට තියන නිසා. 

උදා:- 
(i) යාළුවෙක් පොතක් දෙනවා නිකං ඉන්න වෙලාවට කියවන්න. ඔයා ඒක කලින් කියවලා තියන එකක් නං, ඔයා යාළුවට කියනවා....

"අප්පෝ.... මං ඕක කියවලා තියෙන්නේ...." කියලා.... ඒ කියන්නේ ආයේ ඔයා ඒ පො කියවන්න කැමති නෑ. ඇයි කැමති නැත්තේ....?
ඒ පොතේ තිබ්බුවා මතකයි, කියවපු හැටි මතකයි, කතාව මතකයි....
එහෙනං ඔයා මේ වෙනකොටත් ක්‍රියාව කරලා ඉවරයි. වර්තමානයට තියන සම්බන්ධතා තමා ඔය ලා නිල් පාටින් තියෙන්නේ.

(ii) ඔයා දවල් 12ට විතර බත් කාලා... 1ට විතර යනවා යාළුවෙක්ගේ ගෙදර. යාළුවගේ අම්මා අහනවා පුතේ බත් ටිකක් කමුද කියලා... (ඔයාලනං කයි ඉතිං) අපි මොකක්ද කියන්නේ.....???
"අනේ ආන්ටි... මං කාලා ඉන්නේ...." කියලා.... 
එහෙනං වර්තමානටය තියන සම්බන්ධය මොකක්ද...??? 12ටනේ කෑවේ....
සම්බන්ධය තමා බඩ පිරිලා තියන එක

අපි සාමාන්‍යයෙන්, ඉන්නවා, තියනවා කියලා කියන්න ඉංග්‍රීසි වල පාවිච්චි කරන වචන තමා Have / Has. බහු වචන වලට Have ඒක වචන වලට Has. < I have a brother, I have a mobile phone > වගේ.

දැන් මෙතනත් පාවිච්චි වෙනවා ඉන්නවා, තියනවා කියන වචන දෙක...

කාලා ඉන්නේ, කියවලා තියනවා, ගිහින් තියනවා, කාලා තියනවා, ඇවිත් ඉන්නේ.... වගේ ඒවා. එහෙනං  Have / Has මේ Perfect Tense වලට පාවිච්චි වෙනවා. ඉතිං තාම වාක්‍ය හදන්න කියලා දුන්නේ නෑනේ....
හරි දැන් පටන් ගමු වාක්‍ය හදන්න....

උදා:-

මම බත් කාලා ඉන්නේ        =   I       have      eaten      rice
                                           S         ^            Vp.p         O
                                                      ^
                                                 Helping Verb

අපි නුවර ගිහින් තියනවා     =    We    have      gone       to Kandy

ඇය නුවර ගිහින් තියනවා    =  She      has      gone       to Kandy


(2) Past Perfect Tense

මේකෙදිත් ක්‍රියාව කරලා ඉවරයි. අර වගේමයි. හැබැයි වෙනස තමා වර්තමානයට සම්බන්ධයක් නෑ.....

උදා:-  ඔයා දවල් 12ට බත් කාලා හවස 6ට විතර යනවා යාළුවෙක්ගේ ගෙදර. දැන් එයාගේ අම්මා අහනවා, "පුතේ බත් ටිකක් කමුද" කියලා.... දැන් ඔයා හා කියනවද, බෑ කියනවද.... නිසැකවම හා කියනවා. හේතුව දැන් ඔයාට බඩ ගිනියි. දවල් 12ට කාපු පාරනේ. 

ඒ කියන්නේ 12ට කාපු එකේ සම්බන්ධයක් නෑ දැන්. දවල් 1ට ඇහුවනං සම්බන්ධයක් තියනවා.... ඒ නිසා ඔයා කන්නේ නෑ....
Present Perfect Tense එකත් එක්ක වෙනස පැහැදිළි කරන්නං මේ වාක්‍යය වල.... * සළකුණ දාලා තියන විදිහට තමා වාක්‍ය හැදෙන්න ඕනි.
ඒක වචන බහුවචන කර්තෘන් දෙගොල්ලන්ටම පාවිච්චි කරන්නේ had කියන වචනේ. කාටවත් වෙනසක් කරන්නේ නෑ.

  මම බත් කාලා ඉන්නේ   =   I     have     eaten rice
*මම බත් කාලා හිටියේ     =   I     had       eaten rice

  ඇය නුවර ගිහින් තියනවා =  She     has     gone to Kandy
*ඇය නුවර ගිහින් තිබ්බා    =  She     had     gone to Kandy

(3) Future Perfect Tense

මේකෙදි අපි කතා කරන්නේ ඉස්සරහට කරන්න තියන වැඩක් ගැන. නමුත් අපිට අවශ්‍ය වෙලාව වෙනකො ඒ වැඩේ සම්පූර්ණ වෙලා තියෙයි කියන එක තමා ඒකෙන් කියවෙන්නේ.

උදා:- ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එයාව ගෙදර තියලා ඔයයි, අම්මයි, තාත්තයි ගමනක් යනවා හවස 6ට විතර. උයලා තියලා ඒම. ඔයාලා දුර ගමනක් යන්නේ. රෑ 10 වෙනකොටත් ඔයාලා මග. හොඳටම බඩගිනියි.. ගෙදර යනකං ඉන්නත් බෑ. මග කඩේකින් කාලා එහෙම තාත්තා අහනවා අයියටත් බත් එකක් ඇරං යන්ද කියලා...

ඔයා කියනවා නේද... "අප්පෝ, අපි යනකොට එයා කාලා ඉඳියි...." කියලා. අන්න ඒ කියන හැටි තමා මේ... මෙතෙන්දි will have කියන වචන දෙක පාවිච්චි වෙන්නේ ඒක වචන බහුවචන කර්තෘන් දෙගොල්ලන්ටම. කාටවත් වෙනසක් කරන්නේ නෑ.

මම බත් කාලා ඉඳීවි    =   I        will have    eaten rice
ඇය බත් කාලා ඉඳීවි   =   She    will have    eaten rice

==========================================
හරි දැන් සේරම ඉවරයි මේ පාඩමේ. ආයේ සාරාංශයක් බලමු....

මම     බත්     කාලා     ඉන්නේ  =  I    have        eaten rice
මම     බත්     කාලා     හිටියේ   =  I     had          eaten rice
මම     බත්     කාලා     ඉඳීවි      =  I   will have    eaten rice

ඇය   බත්     කාලා     ඉන්නේ  =  She    has           eaten rice
ඇය   බත්     කාලා     හිටියේ   =  She     had          eaten rice
ඇය   බත්     කාලා     ඉඳීවි      =  She   will have    eaten rice

වෙනස් වෙලා තියෙන්නේ රතුපාටින් පෙන්නලා තියන ඒවා විතරයි නේද.... වර්තමාන, අතීත, අනාගත කාල තුනටම.....???

ඒකියන්නේ ඔයාලට ක්‍රියාපදයක Past Participle එක පාඩම් කරන් එවනවා. ගොඩක් ඒවගේ අගට "ed" එකතු වෙන්නේ. ඕනෑහ ක්‍රියාපදයක, සරළ අතීත කාලෙට ක්‍රියාපදයේ අගය "ed" එකතු වෙනවනං Past Participle එකටත් "ed" මයි එකතු වෙන්නේ.

උදා:- cook    -     cooked      -      cooked

මේවට අපි කියන්නේ Regular Verbs කියලා. මේවනං අවුලක් නෑනේ. ඒ උනාට Irregular Verbs ටික කටපාඩම් කරගන්න වෙයි.

උදා:- go     -      went       -        gone

වගේ සම්පූර්ණනේම වචනේ වෙනස් වෙන ක්‍රියාපද.
ඒවා වෙනමම පෝස්ට් එකකින් දාන්නංකෝ....

අපි ගියා. ජය ශ්‍රී..... තෙරුවන් සරණයි.......

Sunday, March 2, 2014

Continuous Tense (ing)

කරමින් ඉන්න වැඩ ගැන කතා කරමු.....

හරි.... ඔන්න අද අළුත් පාඩමක්... නම නං අහලා හුරු ඇතිනේ....
හැබැයි පොඩි අවුලක්. ගොඩක් අය හිතං ඉන්නේ විතරක් නෙමෙයි, උගන්නන්නෙත් මේක තියෙන්නේ කරමින් ඉන්න දේවල් ගැන කියන්න කියලා.... සම්පූර්ණ වැරදි....

මේක අවස්ථා කිහිපයකට භාවිතා කරනවා....

1. කරමින් පවතින වැඩ ගැන කියන්න‍

උදා :- මම කමින් ඉන්නවා (දැන්)

2. පටන් ගෙන ඇති.... එහෙත් අවසන් කර නැති වැඩ....

උදා :- ඔයාට පොතක් ලියනවා මොකක් හරි. යාළුවෙක් පාරෙදි හම්බ වෙලා අහනවා මචං අර පොත ලියලා ඉවරද.... කියලා... ඔයා කියන්නේ..."නෑ බං තාම ලිය ලියා ඉන්නේ" කියලා. ඒ කියන්නේ "ලියමින් කියන එකනේ"... හැබැයි පාරෙදිත් ඒ පොත ලිය ලියා නෙමෙයිනේ ඉන්නේ නේද...

3.  තාවකාලික ක්‍රියා....

උදා :- මේක බොහෝ දුරට උඩ කිව්ව එකට සමානයි. ඒ කියන්නේ...? පටන්ගෙන ඇති අවසන් කර නැති දෙවල්... අපි හිතමු උපාධියක් සම්පූර්ණ කරනවා කියලා. උපාධිය මුළු ජීවිත කාලෙම කරන්නේ නෑනේ. තාව කාලිකයි. අපි ඒ ගැන කියන්නේ, "මං උපාධියක් කරමෙින් ඉන්නේ" කියලා...

4.  පසුබිම් ක්‍රියා නොහොත් අතුරු කතා....

උදා :- "මං කුස්සියට යනකොට අම්මා උය උයා (උයමින්) හිටියා...."
මේ වාක්‍යයේ ප්‍රධාන කතාව තමා "මං කුස්සියට ගිය එක" අතුරු කතාව තමා "අම්මා උයමින් හිටිය එක"... එහෙනං වාක්‍යයේ පළවෙනි කොටස ගැන කියන්න අපි ගන්නේ Simple Past Tense දෙවනි කොටස කියන්න ගන්නේ Continuous Tense

මේ වාක්‍ය හදන කොට අපිට ටිකක් විශේෂ පද සෙට් එකක් එකතු වෙනවා. ඔයාලනං දන්නවා ඇති නේ.... වර්තමාන කාලය සඳහා am, is , are ත්, අතීත කාලය සඳහා was, were ත්, අනාගත කාලය සඳහා will be ත් පාවිච්චි වෙනවා. ඒවා එන්නේ මොනවටද කියලා පල්ලෙහා රූපසටහනේ ඇති පැහැදිළිව. මෙතෙන්දි I කියන කෙනා විශේෂයි. එයා ඒක වචනයක් හැටියට භාවිතා වෙන එකම තැනත් මෙතන. ඒකියන්නේ was යෙදෙන තැන... ඉංග්‍රීසියේ අනිත් හැම තැනකදිම I බහුවචනයක්....


                                               ( රූපයේ මැද ක්ලික් කර ලොකු කර බලන්න)

දැන් අපි පාඩමේ ප්‍රධාන කොටස් වලට යමු. සිංහල වාක්‍ය රටාව හොඳින් අල්ලගන්න. එතකොට වැඩේ ගොඩ.... මම I කියන එක්කෙනාට එක වාක්‍යයි, ඒක වචන කර්තෘ කෙනෙක් නියෝජනය වෙන්න She සහ බහු වචන කර්තෘ කෙනෙක් නියෝජනය වෙන්න We තෝරගන්නම්....

(1) Present Continuous Tense

මම බත් කමින් ඉන්නවා               =     I        am      eating rice
ඇය බත් කමින් ඉන්නවා              =    She      is       eating rice
අපි බත් කමින් ඉන්නවා               =    We     are      eating rice

වර්ණ ගැලපීමත් එක්ක සංසන්ධනය කරලා බලන්න... තවත් තේරෙයි


(2) Past Continuous Tense

මම බත් කමින් හිටියා              =     I        was       eating rice
ඇය බත් කමින් හිටියා             =    She     was       eating rice
අපි බත් කමින් හිටියා              =    We     were      eating rice


(2) Future Continuous Tense

මම බත් කමින් ඉඳීවි            =     I        will be       eating rice
ඇය බත් කමින් ඉඳීවි           =    She     will be       eating rice
අපි බත් කමින් ඉඳීවි            =    We     will be       eating rice

හොඳට බලන්න වර්තමාන කාලේ තුන්දෙනාට තුන් විදිහකට සළකන්නේ.... 
අතීත කාලේ දෙන්නෙකුට එක විදිහට සළකනවා... එක්කෙනෙක්ට වෙනස්...
අනාගත කාලේ තුන්දෙනාටම එක විදිහට සළකන්නේ....

ඔයාලට පේනවා ඇති වර්තමාන, අතීත සහ අනාගත කාල තුන සඳහාම ක්‍රියාපදය වෙනස් වෙලා නෑ කියලා. කමින් = eating ඒ විදිහටම හැම තැනදිම දකින්න පුළුවන්. වෙනස් වෙලා තියෙන්නේ am, is, are, was, were, will be විතරයි....

තව තේරුණේ නැති තැන් තියනවනං අහන්නකෝ... 

එහෙනං අදට ඇති....ජය ශ්‍රී.... තෙරුවන් සරණයි....