Search...

Friday, February 28, 2014

කොල්ලෝ Interview එකකට යනකොට කොහොමද අඳින්න පළඳින්න ඕන....

සමහරුන්ටනං මේක විහිළුවක් වගේ හිතෙයි. නමුත් ඔයාලා සම්මුඛපරීක්ෂණයකට එහෙම යනවනං එයාලා ඉස්සරලම බලන්නේ ඔයාගේ පෞරුෂත්වය, ඇඳුම සහ මූණේ තියන හැඟීම....


මං මේ කියන්නේ බර වාහන එලවන්න යන තැන් වල, ගාමන්ට් වල ඉන්ටවිව් ගැන ඒම නෙමෙයි ඈ... 

වයිට් කොලර් ජොබ් ගැන.... 


රූපය පැහැදිළි නැත්තම් රූපයේ මැද ක්ලික් කර ලොකු කර බලන්න....

දැන් මෙන්න මේ පළවෙනි විදිහට තමා කොල්ලෙක් ඇඳුම ඇඳන් යන්න ඕනි. වැරදි දාලා තියන විදිහට අඳින එක නම් සුදුසුම නෑ.
දැන් කියයි ඕක මෙහෙම පොස්ට් දදා කියන්න දෙයක්යැ කියලා....

ඕව් පෝස්ට් දදා කියන්න නෙමෙයි ටොකු ඇන ඇන කියලා දෙන්න ඕනි දෙයක් මේක.... මේ ඇඳුමේ ඔයාලා නොදන්න පැති ගොඩක් තියනවා. ඒවා පල්ලෙහායින් පිළිවෙලට සඳහන් කරන්නං.

1 - 5 ට තමා නිවැරදි ක්‍රම ටික.....

බ්ලේසර් එකක් දානවනං තද කළු, තද නිල් හෝ අළු පැහැති එකක් වෙන්න ඕනි. කැටයම් ගොඩක් තියෙන්න බෑ හැබැයි. පහළ අතට පෙනෙන නොපෙනන තරමට සිහින් ඉරි තිබ්බට කමක් නෑ.

අනිත් එක කොණ්ඩේ පිළිවෙලට කොටට කපලා, පීරලා තියෙන්න ඕනි. අන්ං මනං ස්ටයිල් දාලා ගියොත් නං චාටර් වෙනවා. නියපොතු පවා හොඳින් කොටට කපලා තියෙන්න ඕනි.

කරාඹු, අනවශ්‍ය මුදු, මාල වගේ දේවල් තියනවනං ඉවත් කරන්න ඕනි. ජංගම දුරකථන විසන්ධි කරන්න ඕනි. ඔෆීස් බෑග් එකක හරි ෂිප් එකකින් වටේටම වැසිය හැකි ෆයිල් එකක තමන්ගේ සහතික ආදී දේ ඇරගෙන යන්න ඕනි. 
  1. ෂර්ට් එක - බ්ලේසර් එක දාන්නේ නැත්තං ටිකක් තද පාටක් උනාට කමක් නෑ. හැබැයි නිල් තමා වඩාම සුදුසු. බ්ලේසර් එක දානවනං ෂර්ට් එක ලාම ලා නිල් හරි සුදු හරි..... හැබැයි මොකුත් කැටයම් නැති ප්ලේන්, අත් දිග ෂර්ට් එකක් හොඳට අයන් කරලා අඳින්න ඕනි.
  2. කලිසම - හොඳට ඉස්සරහා ඉර තියලා මැදපු ඩීසන් කලිසමක් වෙන්න ඕනි. කළු පාට ඉතාමත් සුදුසුයි. 
  3. සපත්තු - හොඳට දිලිසෙන්න මැදලා තියෙන්න ඕනි. ලොකුම දේ තමා බෙල්ට් එකයි සපත්තු දෙකයි එකම පාට තියෙන්න ඕනි. බෙල්ට් එක දුඹුරු පාටනම් සපත්තුත් දුඹුරු වෙන්න ඕනි. නැත්තං දෙකම කළු වෙන්න ඕනි.
  4. කමිස අත - බ්ලේසර් එකෙන් පිටට කමිස අත අඟල් 1/2ත් අඟලත් අතර එළියට ඇවිත් තියෙන්න ඕනි. ඒක අනිවාර්යයි.
  5. ටයි එක - කමිසෙට ගැලපෙන්න දාන්න ඕනි. ටිකක් තද පාටක් උනාට කමක් නෑ. කමිසේ ලා පාට නිසා...

6 - 13 ට තමා වැරදි ක්‍රම ටික.....

  6. කොණ්ඩේ චාටර් ස්ටයිල් දාලා යන්න එපා. පිළිවෙලකට කොටට           කපලා පීරලා යන්න
  7. ඕනවට වඩා හිරට බ්ලේසර් එක අඳින්න එපා. ටයි එකේ යට                   කොටස බ්ලේසර් එකෙන් පිටට පේන්න දෙන්න එපා.
  8. ඕනවට වඩා කමිස අත බ්ලේසර් එකෙන් පිටට එන්න දෙන්න එපා.

  9. කලිසම ගොඩක් කොටට අඳින්න එපා. සපත්තුවේ ගෑවෙන්න                 තියෙන්න ඕනි. ඉඳගත්තම මේස් එක ටිකක් පෙනුනට කමක් නෑ.
  10. මේස් නොගැලපෙන්න දාන්න හොඳනෑ පිටට පේන්නේ නෑනේ             කියලා. මේස් කමිසෙට ගැලපෙන්න ඕනි. හැබැයි කමිසේ සුදු කියලා       මේස් සුදු පාට දාන්නේ නෑ. තද නිල්, කළු හෝ අළු පාට තමා මේස්           දාන්නේ.
  11. ෂර්ට් එක උඩින් දාලා රස්තියාදු කාරයා වගේ නං යන්න එපා.                 බ්ලේසර් එකක් නැතත් පිළිවෙලකට යට කරලා ලස්සනට යන්න.

හොඳට මතක තියාගන්න... ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්නේ තියුණු ඇස් තියන බුද්ධිමත් සහ පළපුරුදු අය. ඔයාගේ පළමු පෙනී සිටින විදිහෙන් ගොඩක් දේවල් එයාලා තීරණය කරනවා. කස්ටියට මතක ඇති අර මූණේ ගාන ක්‍රීම් එකක ඇඩ් එකක් ගියා ටීවි එකේ.... ආං ඒ ඇඩ් එක මං දැකපු හොඳම ඇඩ් වලින් එකක්. හේතුව තමා තමන්ට පුළුවන් වෙන්න ඕනි ඉන්ටවිව් බෝඩ් එක ආක්‍රමණය කරන්න. තමන්ගේ පඩිය තීරණය කරන්න. තමන්ට හම්බවෙන වරප්‍රසාද තීරණය කරන්න. 

ඒක එහෙම කරන්නනං උපරිම සුදුසුකම් තියන කෙනා ඔයා වෙන්න ඔනි. දැන් තියෙන්නේ සුදුසුකම් අතර තරඟයක්. පොඩ්ඩක්වත් නිකන්නම් කාලේ කන්න එපා.... සුදුසුකම් පුරවගන්න තමන්ගේ ලිපි ගොනුවට.

දැන් කෙල්ලෝ තරහා වෙනවා අපේ රෙද්ද දාලා නෑනේ කියලා... ඊලඟ පොස්ට් එකකින් අනිවා දානවා ඈ..... ලස්සනට හදන්න එපැයි කෙල්ලොන්ගේ ඒවා වෙච්චම නේද...???

එහෙනම් ඊලඟ පොස්ට් එකෙන් හමු වෙමු. ජය ශ්‍රී.... තෙරුවන්සරණයි.....
අපේ Facebook පිටුවටත් ගොඩ වෙලාම යන්නකෝ

Thursday, February 27, 2014

Simple Tense

උගන්නන්න අමාරුම සරළ කාලය.....


ඔන්න අද පටන් ගන්නවා Tenses පාඩම. ඒකේ මුල්ම පාඩම තමා මේ Simple Tense කියලා කියන්නේ. සිම්පල් කිව්වට සිම්පල්ම නෑ.... උගන්නන්න ටිකක් අමාරුයි. පොඩි පොඩි කෑලි ගොඩායි. ඒ හින්දා කියවනකොට අවබෝධෙන් කියවන්න. 
මං කලින් පෝස්ට් එකක කිව්වා වගේ හැම Tense එකක්ම අතීත (Past), වර්තමාන (Present), අනාගත (Future) කියලා කොටස් තුනකට කැඩෙනවා.

එහෙනං පළවෙනි අනු මාතෘකාවට ගොඩ බහිමු....

(I) Simple Present Tense

ගත්තු ගමන්ම කියන්නං මේකෙන් අපි මොනවා ගැනද කතා කරන්නේ කියලා. 
Simple Present Tense කියලා මාතෘකාව තිබ්බට මේක වර්තමාන කාලයට සීමා වෙන්නේ නං නෑ. එහෙනං.....???
අපි මේ වාක්‍ය රටාව යොදා ගන්නේ අතීතයේ සිට මේ දක්වාත්.... මෙතැන් සිට ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන ක්‍රියා පිළිබඳ කතා කරන්න.
ඒ කිව්වේ....???
උදාහරණ වලින්ම කියන්නංකෝ....

බත් කනවා, නිදියනවා, නානවා, බොනවා, ටී වී බලනවා, ෆේස් බුක් යනවා, රෙදි හෝදනවා.... වගේ දේවල්.

ඒ කියන්නේ හැමදාම කරන දේවල් ගැන කියන්න නේද අපි Simple Present Tense පාවිච්චි කරන්නේ....
නෑ වැරදි..... හැමදාම කරන්න ඕනි නෑ. වෙන්න ඕනි, තීතයේ සිට මේ දක්වාත්.... මෙතැන් සිට ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන ක්‍රියාවක් වීමයි.
ඒ කිව්වේ....???

ඒ කිව්වේ, ඉස්කෝලේ යනවා (සතියට දවස් 5යි), දහම්පාසල් යනවා ( සතියට එක දවසයි), (අවුරුද්දකට සැරයක්) ට්‍රිප් එකක් යනවා, උපන්දිය සමරනවා (අවුරුද්දකට එක සැරයයි).....
වගේ දේවල්. මේවා හැමදාම කරන දේවල් නෙමෙයිනේ.

එහෙනං අවබෝධ වෙන්න ඇති අපි Simple Present Tense පාවිච්චි කරන්නේ මොනවගේ දේවල් ගැන කතා කරන්නද කියන එක.

දැන් ඕං මං කලින් කියලා දුන්නු S V O ක්‍රමය ඕන වෙනවා.... ඒ කිව්වේ Subject   Verb   Object කියන වාක්‍ය ගොඩනැගීමේ ක්‍රමය. 

උදා:- 

මම  බත්  උයනවා     =      I     cook     rice
 S     O       V                    S       V         O

අපි  පාසල්  යනවා    =      We   go  to school
 S       O         V                 S      V        O

ඔවුන් පොතක් ලියනවා = They write a book
ඔබ ලියුමක් කියවනවා  = You read a letter

මේ වගේ තමා ඉතිං වාක්‍ය හදන්න තියෙන්නේ.... ගේමක්ම නෑ. ඉස්සරලා Subject හොයා ගන්නවා, ඊට පස්සේ  Verb එක හොයා ගන්නවා, අන්තිමේට  Object හොයාගෙන ලියනවා. එච්චරයි....

හැබැයි පොඩි අවුලක් තියනවා.... අපිට ඒක වචන සහ බහු වචන කර්තෘන් වලට වෙන වෙනම සළකන්න වෙනවා. 
බහු වචන කර්තෘන්ටනං මං උඩින් දීලා තියන උදාහරණ වල විදිහටමයි වාක්‍ය ගොඩ නැගෙන්නේ. I කියන කෙනත් බහු වචනයක් කියලා මං කිව්වනේ කලින් පෝස්ට් වල. 

එහෙනං බලමු ඒක වචන කර්තෘන් වලට මොකක්ද කරන විශේෂත්වේ කියලා. මෙතෙන්දි ක්‍රියා පදය (Verb) අගට " s, es, ies " කියන අකුරු එකතු වෙනවා. එන්නේ මේ තුනෙන් මොකක්ද කියන එක තීරණය වෙන්නේ ක්‍රියාපදයේ ස්වරූපය අනුව. 

(i) s යෙදෙන ක්‍රියා පද මොනවද...???

                  ඕනෑම ක්‍රියාපදයක් ව්‍යංජනාක්ෂරයකින් (Consonant) එකකින් අවසන් වේනම් අගට " s " එකතු වේ.

උදා:- read ------> reads
         cook -----> cooks

(ii) es යෙදෙන ක්‍රියා පද මොනවද...???
           
              ඕනෑම ක්‍රියාපදයක් ස්වර අක්ෂරයකින් (Vowel) එකකින්, "ch, sh, x" වලින් අවසන් වේනම් අගට " s " එකතු වේ.

උදා:- go     ------> goes
         wash ------> washes
         catch ------> catches

(iii) ies යෙදෙන ක්‍රියා පද මොනවද...???
                    
               ඕනෑම ක්‍රියා පදයක් අකුරෙන් අවසන් වේනම්, නමුත්  Y අකුරට පෙර ඇත්තේ ව්‍යංජනාක්ෂරයක් (Consonant) නම්, Y අකුර සම්පූර්ණයෙන් ඉවත් වී ඒ වෙනුවට ies යෙදේ.... Y අකුරට පෙර ඇත්තේ ස්වරඅක්ෂරයක් (Vowel) නම්, s පමණක් යෙදේ.

උදා:- play     ------>    plays
         f l y        ------>    f l ies

ඒ අනුව ඒක වචන කර්තෘන් සමඟ පහත පරිදි වාක්‍ය ගොඩනැගේ...

ඇය පාසල් යනවා   =   She goes to school
ඔහු බත් උයනවා     =   He cooks rice
ඌ දුවනවා              =   It runs
නිමල් පොතක් ලියනවා  =  Nimal writes a book


(II) Simple Past Tense

ඔන්න එකක් ඉවර කරලා අතීත කාලය ගැන කතා කරන්න ආවා. උඩ අපි කතා කරපු දේ වර්තමාන කාලයට විතරක් සීමා උනේ නෑ නේද...? නමුත් මේක අතීත කාලයට සීමා වෙනවා. ඒ කියන්නේ...? ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවක් කරා.... ඒක ඉවරයි.

අපි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ.... කෑවා, නෑවා, දිව්වා, බිව්වා... ඒම කියලා කියන්නේ නේද....? ආං ඒවා කියන්න තමා මේක යොදා ගන්නේ.
අපි මෙතෙන්දි යොදාගන්නේ ක්‍රියා පදයේ සරළ අතීත කාලය....
ඒ කියන්නේ....???

go       --------->   went
eat      --------->   ate
play    --------->   played        වගේ 

හොඳට මතක තියාගන්න.... මෙතෙන්දි ඒක වචන, බහු වචන කර්තෘන් කියලා කාටවත් වෙනස්කම් කරන්නේ නෑ හොඳේ....

උදා:- 
මම බත් කෑවා        =      I ate rice
අපි ක්‍රිකට් සෙල්ලං කරා   =  We played cricket
ඇය පොතක් ලිව්වා   =   She wrote a book


(III) Simple Future Tense

මේකෙන් අපි කතා කරන්නේ අනාගතේ කරන්න ඉන්න වැඩ ගැන. මෙතෙන්දි ක්‍රියා පදය අනාගත කාලෙන් පෙන්නන්න ඕනි නිසා අපි ක්‍රියා පදයට ඉස්සරහින්  will  කියන වචනේ යෙදෙනවා.

අපි කියන්නේ යාවි, දුවාවි, නටාවි, කාවි  වගේ වාක්‍ය ඉවර වෙන්නේ මේ Simple Future Tense එකේදි.

මෙතෙන්දිත් ඒක වචන, බහු වචන කර්තෘන් කියලා කාටවත් වෙනස්කම් කරන්නේ නෑ හොඳේ....

උදා:-

මම බත් කාවි               =    I will eat rice
ඇය පොතක් කියවාවි  =     She will read a book
අපි ලියුම් ලියාවි           =     We will write letters


දැන් ඉතිං බලං ඉන්නේ නැතුව ඇති වෙනකං වාක්‍ය හදන්න.... නැත්තං අපරාදේ කියවන්න ගිය වෙලාව. මේවා පොතක සටහන් කරගන්නවනං තමා හොඳ....
තේරුනේ නැති කොටස් තියනවනං අහන්නකෝ ළමායි..... ^_^

Tuesday, February 25, 2014

Articles ( a, an, the )


මේවා දාන තැන් දැනගනිමු...

තව චුට්ටි පාඩමක් කියලා දීලම Tenses පටන් ගන්න කියලා හිතුවා.... එතකොට තවත් ලේසියි වාක්‍ය ගොඩනගන්න. මේ පාඩමේ නම තමා Articles (ආටිකල්ස්).

මහ ලොකු දෙයක් නෙමෙයි.... a, an, the කියන වචන තුන යොදන තැන් ගැන කියන්න යන්නේ මේ.... හැබැයි පොඩි දෙයක් කියන්න ඕනි. " the " යොදන සහ නොදාන තැන් කියලා වෙනම කොටස් තියනවා. ඒක ටිකක් ලොකු පාඩමක්. විස්තර කරන්න ඕනි ගොඩක්. දැනට දළ වශයෙන් මං කියලා දෙන්නංකෝ.....

අපි ඕනෑම දෙයක් ගැන පළවෙනියට විස්තර කරනවනං හෝ කතා කරන දෙන්නගෙන් එක්කෙනෙක් හෝ ඒ දෙන්නම හෝ කතා කරන දේ පිළබඳව නොදනීනම් අපි ඒ නාම පදය ඉස්සරහින් " a " භාවිතා කරනවා..... ඒ කියන්නේ....??? තේරුණා මදි වගේනේ.....

ඒ කියන්නේ මේකයි. පංතියේ ටීචර් රචනාවක් ලියන්න දෙනවා බල්ලා ගැන. ඔයා ගත්ත ගමං ලියන්නේ නෑනේ අපේ ගෙදර “බල්ලා“ ඉන්නවා කියලා... ඔයා කියන්නේ අපේ ගෙදර “බල්ලෙක්“ ඉන්නවා කියලා.
එතකොට පළවෙනි වාක්‍යයෙන් ටීචර් දැනගන්නවා ඔයාලා ගෙදර බල්ලෙක් ඉන්නවා කියලා. දෙවෙනි වාක්‍යටත් අපි ලියනවද, “බල්ලෙක්“ගේ නම රැන්ඩි කියලා....??? නෑ නේද.... දෙවෙනි වාක්‍යයේ ඉඳන් අපි ලියන්නේ ඒ “බල්ලා“ගේ නම රැන්ඩි කියලා.....

ඒ කියන්නේ පළමු හැඳින්වීමේදි අපිට " a " භාවිතා කරන්න වෙනවා.

බල්ලෙක්  =  A dog
බල්ලා  =  The dog


කොටින්ම කිව්වොත් " ක්  " =  A  වෙනවා. තව උදාහරණයක් කිව්වොත්.....

අම්මේ අර පාර අයිනේ ලොකු " ගහක් " තිබ්බේ..... අන්න ඒ " ගහ " කඩං වැටිලනේ....

ගහක් = A tree
ගහ = The tree
(මේ වාක්‍යයේ හැටියටනං එන්න ඕනි That tree කියලා. ඒක ගණන් ගන්න එපා. අදාල දේ විතරක් ඔළුවට ගන්නකෝ)

කෝච්චියක් පිටත් වෙලා = A train has left
කෝච්චිය පිටත් වෙලා = The train has left

**********************************************
දැන් බලමු " an " භාවිතා කරන්නේ මොන නාමපද ඉස්සරහින්ද කියලා....
සමහරු හිතං ඉන්නවා විතරක් නෙමෙයි, උගන්නන්නෙත් ස්වර අක්ෂර (Vowels = a,e,i,o,u) ඉස්සරහින් " an " පාවිච්චි කරනවා කියලා....
සම්පූර්ණ වැරදි.

නාමපදය Vowel එකකින් පටන් ගත්ත පලියට " an "  දාන්න බෑ.... ඒකට Vowel Sound එකක් තියෙන්න ඕනි. ඒකියන්නේ.....???
අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ කියන ශබ්ද තියනවද කියලා බලන්න ඕනි.

උදා :-
apple (ඇ) = an apple
egg (එ) = an egg

වගේ...... දැන් බලමු Vowel එකකින් පටන් ගත්තට an එන්නේ නැති නාම පද කිහිපයක්...

උදා:-
European (යු) = a European
University (යු) = a University


වගේ ඒවා Vowel එකකින් පටන් ගත්තට ශබ්ධය Vowel Sound එකක් නෙමෙයි. දැන් බලමු ව්‍යංජනාක්ෂරයකින් (Consonant) පටන් ගෙන " an " යෙදෙන ඒවා....

උදා:-
Hour (අ) = An hour
Honor (ඔ) = An honor


වගේ ඒවා.... තව වචන තියනවා.... හොයලා බලන්න. පුළුවන් වෙලාවක මාත් දාන්නංකෝ තව විස්තර ඇතුව. සේරම දුන්නම අගේකුත් නෑනේ.... යමක් ඉගෙනගත්තනං පොඩි කොමෙන්ට් එකක් දාලාම යන්න මාව දිරිමත් කිරීමක් විදිහට. අඩුපාඩුවත් තියේනං ඒකත් කියන්න.

The ගැන භාවිත ටික ආයේ පස්සේ දවසක සවිස්තරාත්මකව දාන්නංකෝ
ජය ශ්‍රී.... තෙරුවන්සරණයි



S V O Pattern...

ඉංග්‍රීසි වාක්‍යයක් ගොඩ නැගීමේදී අනිවාර්යයම සීන් එක...


Tenses පටන් ගන්න කලින් තව පොඩි දෙයක් මතක් උනා.... මොනවා කරන්නත් අපි වාක්‍ය ගොඩ නගන හැටි දැනගන්න එපැයි. ඉංග්‍රීසියේදි අපිට ඕන ඕන හැටියට වාක්‍ය ගොඩනගන්න බෑ. මොනවා නැතත් මුලින්ම ලියන්න ඕනි Subject එක (කර්තෘ) ..... දෙවෙනියට Verb එක (ක්‍රියාව) මොකක්ද කියලා හොයලා ඒක.... තුන්වෙනියට තමා Object එක (කර්මය)....

මං මේ කිව්වේ සරළ වාක්‍යය ගොඩනගන හැටි ඈ.... සංකීර්ණ වාක්‍යය වලට පස්සේ යං. උපකාරක ක්‍රියා පද.... ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාවට සපෝට් කරන පද මොනවා හරි සෙට් වෙනවනං ඒවා Subject එක සහ Verb අතර මැද්දට දානවා. උදාහරණත් එක්ක පල්ලෙහා රූපසටහනේ ඇති. තේරෙන්නේ නැති දෙයක් කියනවනං අහන්නකෝ.....




නිකං දෙන දේ ඉගෙන ගන්න යාළුවන්ටත් එන්න කියන්න.


අනිත් පාඩම් බලාගන්න එන්න මුල් පිටුවට.....

What are the Subjects...?

මොනවද මේ වාක්‍යක කර්තෘ කියන්නේ...???

හරි...... ඕං අද හා හා පුරා කියලා පොඩි සරළම කෑල්ලක් දානවා පාඩම් වලට අදාලව.......

මොනවා නැතත් මේවා ටික ඉස්සරලම දැනගෙන ඉන්න ඕනි. නැත්තං වාක්‍යය එහෙම ගොඩනගනවා බොරු. මේවට අපි සිංහලෙන්නම් කියන්නේ කර්තෘන් කියලා. ඒ කියන්නේ ඕනෑම වාක්‍යක ක්‍රියාව කරන කෙනා. එහෙම නැත්තං වාක්‍යයේ මේන් කැරක්ටර් එක කිව්වොත් නිවැරදියි. 

අපි දැනගන්න ඕනි ප්‍රධාන කර්තෘන් 7ක් ඉන්නවා. ඒවා තමා I, We, You, They, He, She, It කියන ඒවා. පල්ලෙහායින් දාලා ඇති විස්තර ඇතිව. හැබැයි මෙතන I කියන කෙනා පොඩ්ඩක් පිස්සු කෙළිනවා. එයා බහු වචන කර්තෘ කෙනෙක් හැටියට තමා ඉංග්‍රීසි වලදී ගණන් ගැනෙන්නේ. එක තැනක් තියනවා එයා ඒක වචන කර්තෘ කෙනෙක් හැටියට රඟපාන. ඒවා පස්සේ හෙමීට ඉගෙන ගමුකෝ....

ඊට අමතරව Nimal, Kamal, Latha වගේ ඒක වචන නම් වගේම Principals, Teacher, Children වගේ බහු වචන පද ද වාක්‍යය වල කර්තෘන් විදිහට යොදාගන්න පුළුවන්...


මේ ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ටික හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි මුල ඉඳන්ම ඉගෙන ගන්න කෙ‍නෙකුට ගොඩක් වැදගත් වෙයි මේක.

ඊලඟ පොස්ට් එකෙන් හම්බවෙමුකෝ.... ජය ශ්‍රී.... තෙරුවන්සරණයි....

මං ගැන ටිකක්...


හරි.... ඕං ඉඳලා ඉඳලා ෆේස් බුක් එකටයි බ්ලොග් එකටයි සෙට් උනා. මට හිතුණා මං ඉගෙන ගත්ත දේ අනිත් අයටත් දෙන්න ඕනි කියලා. ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙමෙයිනේ. මනුස්සකම නැතුව මොනවා තිබ්බත් වැඩක් නෑ. 

මං ගැන කියලා ඉන්නංකෝ. නැත්තං කස්ටිය හිතයි ලයික් ඇරං පොරක් වෙලා පේජ් ඇඩ්මින් කෙනෙක් කියලා නම පුරසිද්ද කොරගන්ඩ මේ පේජ් එක හැදුවා කියලා. මම ප්‍රියා විජේසිංහ කියලා කියන්නංකෝ. කවුරුත් දන්න නමනේ ඒක. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් ගණිත විෂය ධාරාව හැදෑරුවා. ඊට පස්සේ ඉංග්‍රීසි පැත්ත ගොඩනගාගත්ත නිසා ඒ පැත්තට යන්න ආසාව ඇති උනා. ඒ අතර පෞරුෂ පුහුණු වර්ධන වැඩමුළු සහ තව ගොඩක් කොලිෆිකේෂන් හදාගත්තා. මේ ෆීල්ඩ් එකේදී කොලිෆිකේෂන් වලින් මට ගහන්න කස්ටියට ටිකක් අමාරු වෙයි.

ඒකරලා මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ (Advanced Technological Institute) ඉංග්‍රීසි උසස් ජාතික ඩිප්ලොමාව හදාරන්න පටන් ගත්තා. ඒ අතර ජ‘පුර සරසවියේ ඉංග්‍රීසි උපාධීයත් ගොඩදාගන්න ගමං තමා මේ ඉන්නේ. 

මං මහනුවර, තලාතුඔය, මුරුතලාව වගේ නගර වල ටියුෂන් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අතර තනි සහ කුඩා කණ්ඩායම් පංතිත් කරනවා. ඒවා ඉතිං සල්ලි නේ.... මගේ ජීවිතේ ගොඩදාගන්නත් එපැයි. ලොකුවට නැතත් මං ඒවගෙන් සෑහීමකට පත් වෙනවා. ඒ අතර තමා ෆේස්බුක් සහ බ්ලොග් පරිහරණය කරන ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුණ මේ වැඩේ කරන්න හිතුවේ. 

අපි බලමු.... මං හිතනවා ඔයාලට ඉගෙන ගන්න යමක් තියෙයි කියලා. 

මට පුළුවන් හැම වෙලාවකම මේ බ්ලොග් එකෙත් අප්ඩේට් යයි. ෆේස් බුක් හරහා මං ඔයාලව දැනුවත් කරන්නංකෝ අප්ඩේට් එකක් ගිය ගමන්ම. 

දැනට නවතින්නං..... ජය ශ්‍රී.... තෙරුවන් සරණයි