Search...

Sunday, March 2, 2014

Continuous Tense (ing)

කරමින් ඉන්න වැඩ ගැන කතා කරමු.....

හරි.... ඔන්න අද අළුත් පාඩමක්... නම නං අහලා හුරු ඇතිනේ....
හැබැයි පොඩි අවුලක්. ගොඩක් අය හිතං ඉන්නේ විතරක් නෙමෙයි, උගන්නන්නෙත් මේක තියෙන්නේ කරමින් ඉන්න දේවල් ගැන කියන්න කියලා.... සම්පූර්ණ වැරදි....

මේක අවස්ථා කිහිපයකට භාවිතා කරනවා....

1. කරමින් පවතින වැඩ ගැන කියන්න‍

උදා :- මම කමින් ඉන්නවා (දැන්)

2. පටන් ගෙන ඇති.... එහෙත් අවසන් කර නැති වැඩ....

උදා :- ඔයාට පොතක් ලියනවා මොකක් හරි. යාළුවෙක් පාරෙදි හම්බ වෙලා අහනවා මචං අර පොත ලියලා ඉවරද.... කියලා... ඔයා කියන්නේ..."නෑ බං තාම ලිය ලියා ඉන්නේ" කියලා. ඒ කියන්නේ "ලියමින් කියන එකනේ"... හැබැයි පාරෙදිත් ඒ පොත ලිය ලියා නෙමෙයිනේ ඉන්නේ නේද...

3.  තාවකාලික ක්‍රියා....

උදා :- මේක බොහෝ දුරට උඩ කිව්ව එකට සමානයි. ඒ කියන්නේ...? පටන්ගෙන ඇති අවසන් කර නැති දෙවල්... අපි හිතමු උපාධියක් සම්පූර්ණ කරනවා කියලා. උපාධිය මුළු ජීවිත කාලෙම කරන්නේ නෑනේ. තාව කාලිකයි. අපි ඒ ගැන කියන්නේ, "මං උපාධියක් කරමෙින් ඉන්නේ" කියලා...

4.  පසුබිම් ක්‍රියා නොහොත් අතුරු කතා....

උදා :- "මං කුස්සියට යනකොට අම්මා උය උයා (උයමින්) හිටියා...."
මේ වාක්‍යයේ ප්‍රධාන කතාව තමා "මං කුස්සියට ගිය එක" අතුරු කතාව තමා "අම්මා උයමින් හිටිය එක"... එහෙනං වාක්‍යයේ පළවෙනි කොටස ගැන කියන්න අපි ගන්නේ Simple Past Tense දෙවනි කොටස කියන්න ගන්නේ Continuous Tense

මේ වාක්‍ය හදන කොට අපිට ටිකක් විශේෂ පද සෙට් එකක් එකතු වෙනවා. ඔයාලනං දන්නවා ඇති නේ.... වර්තමාන කාලය සඳහා am, is , are ත්, අතීත කාලය සඳහා was, were ත්, අනාගත කාලය සඳහා will be ත් පාවිච්චි වෙනවා. ඒවා එන්නේ මොනවටද කියලා පල්ලෙහා රූපසටහනේ ඇති පැහැදිළිව. මෙතෙන්දි I කියන කෙනා විශේෂයි. එයා ඒක වචනයක් හැටියට භාවිතා වෙන එකම තැනත් මෙතන. ඒකියන්නේ was යෙදෙන තැන... ඉංග්‍රීසියේ අනිත් හැම තැනකදිම I බහුවචනයක්....


                                               ( රූපයේ මැද ක්ලික් කර ලොකු කර බලන්න)

දැන් අපි පාඩමේ ප්‍රධාන කොටස් වලට යමු. සිංහල වාක්‍ය රටාව හොඳින් අල්ලගන්න. එතකොට වැඩේ ගොඩ.... මම I කියන එක්කෙනාට එක වාක්‍යයි, ඒක වචන කර්තෘ කෙනෙක් නියෝජනය වෙන්න She සහ බහු වචන කර්තෘ කෙනෙක් නියෝජනය වෙන්න We තෝරගන්නම්....

(1) Present Continuous Tense

මම බත් කමින් ඉන්නවා               =     I        am      eating rice
ඇය බත් කමින් ඉන්නවා              =    She      is       eating rice
අපි බත් කමින් ඉන්නවා               =    We     are      eating rice

වර්ණ ගැලපීමත් එක්ක සංසන්ධනය කරලා බලන්න... තවත් තේරෙයි


(2) Past Continuous Tense

මම බත් කමින් හිටියා              =     I        was       eating rice
ඇය බත් කමින් හිටියා             =    She     was       eating rice
අපි බත් කමින් හිටියා              =    We     were      eating rice


(2) Future Continuous Tense

මම බත් කමින් ඉඳීවි            =     I        will be       eating rice
ඇය බත් කමින් ඉඳීවි           =    She     will be       eating rice
අපි බත් කමින් ඉඳීවි            =    We     will be       eating rice

හොඳට බලන්න වර්තමාන කාලේ තුන්දෙනාට තුන් විදිහකට සළකන්නේ.... 
අතීත කාලේ දෙන්නෙකුට එක විදිහට සළකනවා... එක්කෙනෙක්ට වෙනස්...
අනාගත කාලේ තුන්දෙනාටම එක විදිහට සළකන්නේ....

ඔයාලට පේනවා ඇති වර්තමාන, අතීත සහ අනාගත කාල තුන සඳහාම ක්‍රියාපදය වෙනස් වෙලා නෑ කියලා. කමින් = eating ඒ විදිහටම හැම තැනදිම දකින්න පුළුවන්. වෙනස් වෙලා තියෙන්නේ am, is, are, was, were, will be විතරයි....

තව තේරුණේ නැති තැන් තියනවනං අහන්නකෝ... 

එහෙනං අදට ඇති....ජය ශ්‍රී.... තෙරුවන් සරණයි....

No comments:

Post a Comment