සමහරුන්ටනං මේක විහිළුවක් වගේ හිතෙයි. නමුත් ඔයාලා සම්මුඛපරීක්ෂණයකට එහෙම යනවනං එයාලා ඉස්සරලම බලන්නේ ඔයාගේ පෞරුෂත්වය, ඇඳුම සහ මූණේ තියන හැඟීම....
මං මේ කියන්නේ බර වාහන එලවන්න යන තැන් වල, ගාමන්ට් වල ඉන්ටවිව් ගැන ඒම නෙමෙයි ඈ...
වයිට් කොලර් ජොබ් ගැන....
රූපය පැහැදිළි නැත්තම් රූපයේ මැද ක්ලික් කර ලොකු කර බලන්න....
දැන් මෙන්න මේ පළවෙනි විදිහට තමා කොල්ලෙක් ඇඳුම ඇඳන් යන්න ඕනි. වැරදි දාලා තියන විදිහට අඳින එක නම් සුදුසුම නෑ.
දැන් කියයි ඕක මෙහෙම පොස්ට් දදා කියන්න දෙයක්යැ කියලා....
ඕව් පෝස්ට් දදා කියන්න නෙමෙයි ටොකු ඇන ඇන කියලා දෙන්න ඕනි දෙයක් මේක.... මේ ඇඳුමේ ඔයාලා නොදන්න පැති ගොඩක් තියනවා. ඒවා පල්ලෙහායින් පිළිවෙලට සඳහන් කරන්නං.
1 - 5 ට තමා නිවැරදි ක්‍රම ටික.....
බ්ලේසර් එකක් දානවනං තද කළු, තද නිල් හෝ අළු පැහැති එකක් වෙන්න ඕනි. කැටයම් ගොඩක් තියෙන්න බෑ හැබැයි. පහළ අතට පෙනෙන නොපෙනන තරමට සිහින් ඉරි තිබ්බට කමක් නෑ.
අනිත් එක කොණ්ඩේ පිළිවෙලට කොටට කපලා, පීරලා තියෙන්න ඕනි. අන්ං මනං ස්ටයිල් දාලා ගියොත් නං චාටර් වෙනවා. නියපොතු පවා හොඳින් කොටට කපලා තියෙන්න ඕනි.
කරාඹු, අනවශ්‍ය මුදු, මාල වගේ දේවල් තියනවනං ඉවත් කරන්න ඕනි. ජංගම දුරකථන විසන්ධි කරන්න ඕනි. ඔෆීස් බෑග් එකක හරි ෂිප් එකකින් වටේටම වැසිය හැකි ෆයිල් එකක තමන්ගේ සහතික ආදී දේ ඇරගෙන යන්න ඕනි.
- ෂර්ට් එක - බ්ලේසර් එක දාන්නේ නැත්තං ටිකක් තද පාටක් උනාට කමක් නෑ. හැබැයි නිල් තමා වඩාම සුදුසු. බ්ලේසර් එක දානවනං ෂර්ට් එක ලාම ලා නිල් හරි සුදු හරි..... හැබැයි මොකුත් කැටයම් නැති ප්ලේන්, අත් දිග ෂර්ට් එකක් හොඳට අයන් කරලා අඳින්න ඕනි.
- කලිසම - හොඳට ඉස්සරහා ඉර තියලා මැදපු ඩීසන් කලිසමක් වෙන්න ඕනි. කළු පාට ඉතාමත් සුදුසුයි.
- සපත්තු - හොඳට දිලිසෙන්න මැදලා තියෙන්න ඕනි. ලොකුම දේ තමා බෙල්ට් එකයි සපත්තු දෙකයි එකම පාට තියෙන්න ඕනි. බෙල්ට් එක දුඹුරු පාටනම් සපත්තුත් දුඹුරු වෙන්න ඕනි. නැත්තං දෙකම කළු වෙන්න ඕනි.
- කමිස අත - බ්ලේසර් එකෙන් පිටට කමිස අත අඟල් 1/2ත් අඟලත් අතර එළියට ඇවිත් තියෙන්න ඕනි. ඒක අනිවාර්යයි.
- ටයි එක - කමිසෙට ගැලපෙන්න දාන්න ඕනි. ටිකක් තද පාටක් උනාට කමක් නෑ. කමිසේ ලා පාට නිසා...
6 - 13 ට තමා වැරදි ක්‍රම ටික.....
6. කොණ්ඩේ චාටර් ස්ටයිල් දාලා යන්න එපා. පිළිවෙලකට කොටට කපලා පීරලා යන්න
7. ඕනවට වඩා හිරට බ්ලේසර් එක අඳින්න එපා. ටයි එකේ යට කොටස බ්ලේසර් එකෙන් පිටට පේන්න දෙන්න එපා.
8. ඕනවට වඩා කමිස අත බ්ලේසර් එකෙන් පිටට එන්න දෙන්න එපා.
9. කලිසම ගොඩක් කොටට අඳින්න එපා. සපත්තුවේ ගෑවෙන්න තියෙන්න ඕනි. ඉඳගත්තම මේස් එක ටිකක් පෙනුනට කමක් නෑ.
10. මේස් නොගැලපෙන්න දාන්න හොඳනෑ පිටට පේන්නේ නෑනේ කියලා. මේස් කමිසෙට ගැලපෙන්න ඕනි. හැබැයි කමිසේ සුදු කියලා මේස් සුදු පාට දාන්නේ නෑ. තද නිල්, කළු හෝ අළු පාට තමා මේස් දාන්නේ.
11. ෂර්ට් එක උඩින් දාලා රස්තියාදු කාරයා වගේ නං යන්න එපා. බ්ලේසර් එකක් නැතත් පිළිවෙලකට යට කරලා ලස්සනට යන්න.
හොඳට මතක තියාගන්න... ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්නේ තියුණු ඇස් තියන බුද්ධිමත් සහ පළපුරුදු අය. ඔයාගේ පළමු පෙනී සිටින විදිහෙන් ගොඩක් දේවල් එයාලා තීරණය කරනවා. කස්ටියට මතක ඇති අර මූණේ ගාන ක්‍රීම් එකක ඇඩ් එකක් ගියා ටීවි එකේ.... ආං ඒ ඇඩ් එක මං දැකපු හොඳම ඇඩ් වලින් එකක්. හේතුව තමා තමන්ට පුළුවන් වෙන්න ඕනි ඉන්ටවිව් බෝඩ් එක ආක්‍රමණය කරන්න. තමන්ගේ පඩිය තීරණය කරන්න. තමන්ට හම්බවෙන වරප්‍රසාද තීරණය කරන්න.
ඒක එහෙම කරන්නනං උපරිම සුදුසුකම් තියන කෙනා ඔයා වෙන්න ඔනි. දැන් තියෙන්නේ සුදුසුකම් අතර තරඟයක්. පොඩ්ඩක්වත් නිකන්නම් කාලේ කන්න එපා.... සුදුසුකම් පුරවගන්න තමන්ගේ ලිපි ගොනුවට.
දැන් කෙල්ලෝ තරහා වෙනවා අපේ රෙද්ද දාලා නෑනේ කියලා... ඊලඟ පොස්ට් එකකින් අනිවා දානවා ඈ..... ලස්සනට හදන්න එපැයි කෙල්ලොන්ගේ ඒවා වෙච්චම නේද...???
එහෙනම් ඊලඟ පොස්ට් එකෙන් හමු වෙමු. ජය ශ්‍රී.... තෙරුවන්සරණයි.....
අපේ Facebook පිටුවටත් ගොඩ වෙලාම යන්නකෝ
එලම තමා
ReplyDeleteThank you bro....!!!
ReplyDeleteඑල එල සර්
ReplyDelete