Search...

Monday, March 10, 2014

Perfect Continuous Tense

කාලයක් තිස්සේ කරපු වැඩ ගැන කියන අන්තිම Tense එක ඉගෙන ගනිමු......

හරි.... මෙන්න ඔයාලට තියන අන්තිම ටෙන්ස් එක. ටික දවසක් යනකං පෝස්ට් එකක් දාන්න බැරි උනාට සමා වෙන්න ඕනි. වැඩ ගොඩක් තිබ්බා.
අපි මේක යොදා ගන්නේ කාලයක් තිස්සේ කරපු වැඩ ගැන කියන්න. මේකෙත් Perfect කියන වචනේ තියන නිසා වර්තමානයේ කරන වැඩ ගැන මොකුත් කියවෙන්නේ නෑ. ඒක මං කලින් පාඩමේදි කිව්වා ඕං ඈ...

හරි... අපි කලින් පාඩම් වල වගේ මේකෙත් ප්‍රධාන අනුමාතෘකාවට බහිමු.

අපි මේ වාක්‍ය ගොඩ නගනකොට කාල පරතරය දැක්වීම බොහෝ දුරට අනිවාර්යය වෙනවා. මේ Tense එක තමා අපි පාවිච්චි කරන්නේ සම්මුඛපරීක්ෂණයකදි අපේ සුදුසුකම් ගැන ඒම කියන්න. අපේ තිබ්බ පුරුදු ගැන කියන්න ඒමත් ගන්න පුළුවන්. සේරටම කලින් මං කියලා ඉන්නං කාල පරතරය කෝමද දක්වන්න ඕනි කියලා.

(i) From ------> to භාවිතයෙන්...

2000 ඉඳන් 2005ට                 =   from 2000 to 2005
ජනවාරි ඉඳන් මාර්තු වලට      =   from January to March
තුනේ ඉඳන් 5 වෙනකං          =    from 3 to 5

from වෙනුවට  Since යොදන්නත් පුළුවන් ඈ. දෙකේම තේරුම එකයි. 

(ii) For භාවිතයෙන්...

අවුරුදු 5ක් තිස්සේ     =   for 5 years
මාස තුනක් තිස්සේ    =   for 3 months
තත්පර 5ක් තිස්සේ    =   for 5 seconds

(1) Present Perfect Continuous Tense

මේකෙත් Present Perfect Continuous Tense කියලා තිබ්බට වර්තමානයේ මොකුත් කරන්නේ නෑ. හේතුව දැන් දැනගන්න එපැයි. මේකත් අපි කලින් කතා කරපු Present Perfect Tense එක වගේමයි. වෙනසක් කියලා තියෙනනේ ක්‍රියාව කාලයක් තිස්සේ කිරීම විතරයි.

ඒ කියන්නේ.....???? හරි  උදාරණයකින්ම කියන්නංකෝ. වාක්‍ය ගොඩනගනකොට SVO ක්‍රමය අමතක කරන්න එපා... මුල ඉඳන්ම ඒ විදිහටනේ හැදුවේ. උපකාරක ක්‍රියා පද එන්නේ S සහ V මැද්දට.  කාල පරතරය අපි දාන්නේ වාක්‍යයේ අන්තිමට. 

උදා:- 
මම පැයක් තිස්සේ බත් කමින් ඉඳලා තියනවා.

එහෙනං අපි ඉංග්‍රීසියෙන් මේ වාක්‍යය ගොඩ නගමු.

මම පැයක් තිස්සේ බත් කමින් ඉඳලා තියනවා.
I have been eating rise for one hour

තේරුණේ නෑ වගේ නේද....???

මම බත් කමින් ඉඳලා තියනවා කියන වාක්‍යයේ සෙට් වෙන උපකාරක ක්‍රියා පද සිංහල වාක්‍යයේ අග ඉඳන් මුලට සෙට් වෙන විදිහට ලියන්න ඔනි. 
I   have   been   eating   rise  

පස්සේ අන්තිමට අපි කාල පරතය දාලාම ලියමු. මෙහිද ඒක වචන කර්තෘන් එක්ක Have වෙනුවට Has  භාවිත වෙනවා කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

උදා:- 

මම ඇයට විනාඩි 5ක් තිස්සේ කෝල් කරමින් ඉඳලා තියනවා. 
I have been calling her for 5 minutes. 

ඔහු ඇයට විනාඩි 5ක් තිස්සේ කෝල් කරමින් ඉඳලා තියනවා. 
He has been calling her for 5 minutes.

======================================
මේක අස්සේ තව පොඩි පාඩම් කෑල්ලක් කියලා දෙන්නං. මේක නං මං හොයාගත්ත එකක්. වෙන කොහෙවත් වෙනම පාඩමක් හැටියට කියලා දෙන්නේ නෑ ඈ....

අපිට පුළුවන් ඉංග්‍රීසි වලට ක්‍රියා පදයේ ing form එක පාවිච්චි වෙන තැන් වලට  ඒ වෙනුවට නාම පදයක් යොදන්න.

උදා:- 
මම උගන්නමින් ඉන්නවා
I am teaching

මම ගුරුවරයෙක්
I am a teacher

මම අවුරුදු 5ක් තිස්සේ උගන්නමින් ඉඳලා තියනවා.
I have been teaching for 5 years

මම අවුරුදු 5ක් තිස්සේ ගුරුවරයෙක් වෙලා ඉඳලා තියනවා.
I have been a teacher for 5 years

=========================================
හොඳට මතක තියාගන්න. මේක අතීත කාලයේ, කාලයක් තිස්සේ කරමින් හිටපු වැඩ ගන කියන්න ගන්නේ. Present Perfect Continuous Tense කියලා කියන්නේ එහි ප්‍රතිඵල වර්තමානයට සම්බන්ධ නිසා. ඔයාලා සම්මුඛපරීක්ෂනයකට ගිහින් පරණ හැකියාවන් ගැන ඒම කියන්න ගන්නේ මේ ටෙන්ස් එක. 


(2) Past Perfect Continuous Tense

මේකේ විශේෂත්වය තමා ඒක වචන කර්තෘන්, බහු වචන කර්තෘන් කියලා කාටවත් වෙනසක් කරන්නේ නෑ. Past Perfect Tense එකේදි වගේම Has / Have වෙනුවට Had භාවිතා වෙනවා. එච්චරයි.

මම පැයක් තිස්සේ බත් කමින් ඉඳලා තිබ්බා.
had been eating rise for one hour

අපි had දාලා කතා කරොත් ඒ කරපු ක්‍රියාවේ කිසිම සම්බන්ධයක් වර්තමානයට නෑ. 

I have been the president of School Science Society 
කියලා කිව්වොත් ඔයාට නායකත්ව ගති ඒම තාම තියනවා. කණ්ඩායම් හැකියාව තියනවා. වැඩක් භාරගෙන කිරීමේ හැකියාව තියනවා.

I had been the president of School Science Society 
කියලා කිව්වොත්, ඔයාට නායකත්ව හැකියාවන් දැන් නෑ. ඒ සම්බන්ධ කිසිම හැකියාවක් නෑ. 

(2) Future Perfect Continuous Tense


මේකනං පාවිච්චි වෙනවා බෝම අඩුයි. 

වාක්‍යය හැදෙන්නේ මේමයි.

මම පැයක් තිස්සේ බත් කමින් ඉඳලා තියේවි.
will have been eating rise for one hour


-------------------------------------------------------------------------
මෙච්චරයි ඉතිං. Tenses පාඩම් මෙතනින් ඉවරයි. මේවා සුපිරියටම පුළුවන් වෙන්න ඕනි අනිත්වා කොරගන්න. මේ සේරගේම සාරාංශයක් ඉක්මනටම දාන්නං. 

ජය ශ්‍රී..... තෙරුවන්සරණයි. 

Thursday, March 6, 2014

කෙල්ලෝ Interview එකකට අඳින්න ඕන හැටි....

කෙල්ලෝ Interview එකකට අඳින්න ඕන හැටි බලමු දැන්...

කලින් දැම්මනේ කොල්ලෝ කොහොමද අඳින්න ඕනි කියලා. දැක්කේ නැත්තං මෙතනින් ගිහින් බලන්නකෝ. දැන් කෙල්ලෝ අඳින්න ඕනි හැටි දැම්මේ නැනෑ කියලා මාත් එක්ක තරහ උනොත් ඒම.... නේද...?


හරි එකින් එක විස්තර කරන්නං..... අපේ ගොඩක් අය දැන්නං අඳින්නේ සාරි. මේ විදිහට අඳින් අයට මේ උපදෙස් ටික දෙන්නංකෝ.....

1. කොණ්ඩේ ලස්සනට පීරලා චාම් ස්ටයිල් එකක් දාන්න ඕනි. රූපේ විදිහට කඩා දාලා හිටියට කමක් නෑ. අනං මනං මෝස්තර එපා.

2. මේකප් පුරෝලා එම්බාම් කරපු මළ මිනියක් වගේ යන්න එපා. පුළුවන් තරම් අඩුවෙන් මේකප් කරන්න. 

3. නියපොතු පාට කරන්න එපා. පාට කරනවනං නැචුරල් කලර් තියාගන්න ඕනි. ලිප්ස්ටික් නැචුරල් කලර්....

4. අර ඇතුලට ඇඳලා තියන ඇඳුම සුදු පාටනම් වඩා හොඳයි. ෂර්ට් එකද කොහෙදෝ නෙද ඒක.... 

5. හොඳට මැදපු, රැලි නැති ජැකට් එකක් (බ්ලේසර්) අඳින්න ඕනි අත් දිග. අතේ මැණික් කටුව වැහෙන්න තියෙන්න ඕනි. ෂර්ට් එකේ අත අඟල් බාගයක් විතර බ්ලේසර් එකෙන් පිටට ඇවිත් තියෙන්න ඕනි.

6. අහල පහළ ගෙවල් වලිනුත් එක්ක රත්තරං බඩු ඒම ඉල්ලං හතර වටේ එල්ලගෙන තොරණක් වගේ යන්න එපා. කරට මාලෙයි, චාම් කරාඹු දෙකයි තිබ්බොත් හොඳටම ඇති.

7. ස්කර්ට් එකක් අඳිනවනං දණිස්ස ගාවට තිබීම අනිවාර්යයි. කළු පැහැ එකක් වෙන්න ඕනි.

8. කලිසමක් අඳිනවනං ටයිඩ් වළලු කර දක්වා දිග එකක් වෙන්න ඕනි.

9. හොඳින් පොලිෂ් කරපු ඇඟිලි වැහෙන සපත්තු දෙකක් දාන්න ඕනි.

10. අතේ ගෙනියන්න ඕනි වටේටම ෂිප් එකකින් වැසිය හැකි ෆයිල් එකක්. තමන්ගේ සහතික වැනි දෑ ඒකේ දාගෙන යන්න ඕනි.

අම්මෝ.......... එච්චරයි දැනට.... මොබයිල් ෆෝන් ඒම ඇරං යන්න එපා.
ඒනං මේ විදිහට ඇඳන් යන්න. සාරි ඇන්දත් මේකප් ගොඩක් දාන්න එපා. ආභරණ ගොඩක් අඩුවෙන් දාන්න.

සේරටම ජය ශ්‍රී..... තෙරුවන් සරණයි.

Wednesday, March 5, 2014

Perfect Tense

පරිපූර්ණ ක්‍රියා ගැන කතාකරමු.... ඒ මොකක්ද ඒ...???

හරි... ඔන්න අද අළුත් පාඩමක් Tenses වල. මේ අපි යන්නේ තුන් වෙනි පාඩම. කෙලින්ම බහිමුකෝ වල් පල් නැතුව. අපි මේකෙන් කතා කරන්නේ පරිපූර්ණ ක්‍රියා ගැන. ඒ මොනවද ඒ..... එකින් එක කතා කරමු මාතෘකාවෙන් මාතෘකාවට ඈ.....

හොඳින් මතක තියා ගන්න... මේකට අපිට ඕනි වෙන්නේ ක්‍රියාපදයේ Past Participle එක... ඒ කියන්නේ....???

Go - went - gone
eat - ate - eaten  
මෙන්න මේ තුන්වෙනිටය පාට කරලා තියන ස්වරූපය....


(1) Present Perfect Tense

මේකේ Present කියලා නම තිබ්බට අපි මේකේ වර්තමානයක් ගැන කතා කරන්නේ නෑ.... එහෙනං මොකටද Present Perfect Tense නම දාලා තියෙන්නේ....??? හරි ඒගැන බලමු....

අපි Perfect කියලා කියන්නේ සර්ව සම්පූර්ණයි කියන එකටනේ. Present Perfect Tense වලදිත් ක්‍රියාව සර්ව සම්පූර්ණයි. ඒකියන්නේ ක්‍රියාව කරලා ඉවරයි. මේකට Present Perfect Tense කියලා කියන්න හේතුව තමා වැඩේ කරලා තියෙන්නේ අතීත කාලෙදි උනාට ඒකේ සම්බන්ධතා වර්තමානයට තියන නිසා. 

උදා:- 
(i) යාළුවෙක් පොතක් දෙනවා නිකං ඉන්න වෙලාවට කියවන්න. ඔයා ඒක කලින් කියවලා තියන එකක් නං, ඔයා යාළුවට කියනවා....

"අප්පෝ.... මං ඕක කියවලා තියෙන්නේ...." කියලා.... ඒ කියන්නේ ආයේ ඔයා ඒ පො කියවන්න කැමති නෑ. ඇයි කැමති නැත්තේ....?
ඒ පොතේ තිබ්බුවා මතකයි, කියවපු හැටි මතකයි, කතාව මතකයි....
එහෙනං ඔයා මේ වෙනකොටත් ක්‍රියාව කරලා ඉවරයි. වර්තමානයට තියන සම්බන්ධතා තමා ඔය ලා නිල් පාටින් තියෙන්නේ.

(ii) ඔයා දවල් 12ට විතර බත් කාලා... 1ට විතර යනවා යාළුවෙක්ගේ ගෙදර. යාළුවගේ අම්මා අහනවා පුතේ බත් ටිකක් කමුද කියලා... (ඔයාලනං කයි ඉතිං) අපි මොකක්ද කියන්නේ.....???
"අනේ ආන්ටි... මං කාලා ඉන්නේ...." කියලා.... 
එහෙනං වර්තමානටය තියන සම්බන්ධය මොකක්ද...??? 12ටනේ කෑවේ....
සම්බන්ධය තමා බඩ පිරිලා තියන එක

අපි සාමාන්‍යයෙන්, ඉන්නවා, තියනවා කියලා කියන්න ඉංග්‍රීසි වල පාවිච්චි කරන වචන තමා Have / Has. බහු වචන වලට Have ඒක වචන වලට Has. < I have a brother, I have a mobile phone > වගේ.

දැන් මෙතනත් පාවිච්චි වෙනවා ඉන්නවා, තියනවා කියන වචන දෙක...

කාලා ඉන්නේ, කියවලා තියනවා, ගිහින් තියනවා, කාලා තියනවා, ඇවිත් ඉන්නේ.... වගේ ඒවා. එහෙනං  Have / Has මේ Perfect Tense වලට පාවිච්චි වෙනවා. ඉතිං තාම වාක්‍ය හදන්න කියලා දුන්නේ නෑනේ....
හරි දැන් පටන් ගමු වාක්‍ය හදන්න....

උදා:-

මම බත් කාලා ඉන්නේ        =   I       have      eaten      rice
                                           S         ^            Vp.p         O
                                                      ^
                                                 Helping Verb

අපි නුවර ගිහින් තියනවා     =    We    have      gone       to Kandy

ඇය නුවර ගිහින් තියනවා    =  She      has      gone       to Kandy


(2) Past Perfect Tense

මේකෙදිත් ක්‍රියාව කරලා ඉවරයි. අර වගේමයි. හැබැයි වෙනස තමා වර්තමානයට සම්බන්ධයක් නෑ.....

උදා:-  ඔයා දවල් 12ට බත් කාලා හවස 6ට විතර යනවා යාළුවෙක්ගේ ගෙදර. දැන් එයාගේ අම්මා අහනවා, "පුතේ බත් ටිකක් කමුද" කියලා.... දැන් ඔයා හා කියනවද, බෑ කියනවද.... නිසැකවම හා කියනවා. හේතුව දැන් ඔයාට බඩ ගිනියි. දවල් 12ට කාපු පාරනේ. 

ඒ කියන්නේ 12ට කාපු එකේ සම්බන්ධයක් නෑ දැන්. දවල් 1ට ඇහුවනං සම්බන්ධයක් තියනවා.... ඒ නිසා ඔයා කන්නේ නෑ....
Present Perfect Tense එකත් එක්ක වෙනස පැහැදිළි කරන්නං මේ වාක්‍යය වල.... * සළකුණ දාලා තියන විදිහට තමා වාක්‍ය හැදෙන්න ඕනි.
ඒක වචන බහුවචන කර්තෘන් දෙගොල්ලන්ටම පාවිච්චි කරන්නේ had කියන වචනේ. කාටවත් වෙනසක් කරන්නේ නෑ.

  මම බත් කාලා ඉන්නේ   =   I     have     eaten rice
*මම බත් කාලා හිටියේ     =   I     had       eaten rice

  ඇය නුවර ගිහින් තියනවා =  She     has     gone to Kandy
*ඇය නුවර ගිහින් තිබ්බා    =  She     had     gone to Kandy

(3) Future Perfect Tense

මේකෙදි අපි කතා කරන්නේ ඉස්සරහට කරන්න තියන වැඩක් ගැන. නමුත් අපිට අවශ්‍ය වෙලාව වෙනකො ඒ වැඩේ සම්පූර්ණ වෙලා තියෙයි කියන එක තමා ඒකෙන් කියවෙන්නේ.

උදා:- ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එයාව ගෙදර තියලා ඔයයි, අම්මයි, තාත්තයි ගමනක් යනවා හවස 6ට විතර. උයලා තියලා ඒම. ඔයාලා දුර ගමනක් යන්නේ. රෑ 10 වෙනකොටත් ඔයාලා මග. හොඳටම බඩගිනියි.. ගෙදර යනකං ඉන්නත් බෑ. මග කඩේකින් කාලා එහෙම තාත්තා අහනවා අයියටත් බත් එකක් ඇරං යන්ද කියලා...

ඔයා කියනවා නේද... "අප්පෝ, අපි යනකොට එයා කාලා ඉඳියි...." කියලා. අන්න ඒ කියන හැටි තමා මේ... මෙතෙන්දි will have කියන වචන දෙක පාවිච්චි වෙන්නේ ඒක වචන බහුවචන කර්තෘන් දෙගොල්ලන්ටම. කාටවත් වෙනසක් කරන්නේ නෑ.

මම බත් කාලා ඉඳීවි    =   I        will have    eaten rice
ඇය බත් කාලා ඉඳීවි   =   She    will have    eaten rice

==========================================
හරි දැන් සේරම ඉවරයි මේ පාඩමේ. ආයේ සාරාංශයක් බලමු....

මම     බත්     කාලා     ඉන්නේ  =  I    have        eaten rice
මම     බත්     කාලා     හිටියේ   =  I     had          eaten rice
මම     බත්     කාලා     ඉඳීවි      =  I   will have    eaten rice

ඇය   බත්     කාලා     ඉන්නේ  =  She    has           eaten rice
ඇය   බත්     කාලා     හිටියේ   =  She     had          eaten rice
ඇය   බත්     කාලා     ඉඳීවි      =  She   will have    eaten rice

වෙනස් වෙලා තියෙන්නේ රතුපාටින් පෙන්නලා තියන ඒවා විතරයි නේද.... වර්තමාන, අතීත, අනාගත කාල තුනටම.....???

ඒකියන්නේ ඔයාලට ක්‍රියාපදයක Past Participle එක පාඩම් කරන් එවනවා. ගොඩක් ඒවගේ අගට "ed" එකතු වෙන්නේ. ඕනෑහ ක්‍රියාපදයක, සරළ අතීත කාලෙට ක්‍රියාපදයේ අගය "ed" එකතු වෙනවනං Past Participle එකටත් "ed" මයි එකතු වෙන්නේ.

උදා:- cook    -     cooked      -      cooked

මේවට අපි කියන්නේ Regular Verbs කියලා. මේවනං අවුලක් නෑනේ. ඒ උනාට Irregular Verbs ටික කටපාඩම් කරගන්න වෙයි.

උදා:- go     -      went       -        gone

වගේ සම්පූර්ණනේම වචනේ වෙනස් වෙන ක්‍රියාපද.
ඒවා වෙනමම පෝස්ට් එකකින් දාන්නංකෝ....

අපි ගියා. ජය ශ්‍රී..... තෙරුවන් සරණයි.......

Sunday, March 2, 2014

Continuous Tense (ing)

කරමින් ඉන්න වැඩ ගැන කතා කරමු.....

හරි.... ඔන්න අද අළුත් පාඩමක්... නම නං අහලා හුරු ඇතිනේ....
හැබැයි පොඩි අවුලක්. ගොඩක් අය හිතං ඉන්නේ විතරක් නෙමෙයි, උගන්නන්නෙත් මේක තියෙන්නේ කරමින් ඉන්න දේවල් ගැන කියන්න කියලා.... සම්පූර්ණ වැරදි....

මේක අවස්ථා කිහිපයකට භාවිතා කරනවා....

1. කරමින් පවතින වැඩ ගැන කියන්න‍

උදා :- මම කමින් ඉන්නවා (දැන්)

2. පටන් ගෙන ඇති.... එහෙත් අවසන් කර නැති වැඩ....

උදා :- ඔයාට පොතක් ලියනවා මොකක් හරි. යාළුවෙක් පාරෙදි හම්බ වෙලා අහනවා මචං අර පොත ලියලා ඉවරද.... කියලා... ඔයා කියන්නේ..."නෑ බං තාම ලිය ලියා ඉන්නේ" කියලා. ඒ කියන්නේ "ලියමින් කියන එකනේ"... හැබැයි පාරෙදිත් ඒ පොත ලිය ලියා නෙමෙයිනේ ඉන්නේ නේද...

3.  තාවකාලික ක්‍රියා....

උදා :- මේක බොහෝ දුරට උඩ කිව්ව එකට සමානයි. ඒ කියන්නේ...? පටන්ගෙන ඇති අවසන් කර නැති දෙවල්... අපි හිතමු උපාධියක් සම්පූර්ණ කරනවා කියලා. උපාධිය මුළු ජීවිත කාලෙම කරන්නේ නෑනේ. තාව කාලිකයි. අපි ඒ ගැන කියන්නේ, "මං උපාධියක් කරමෙින් ඉන්නේ" කියලා...

4.  පසුබිම් ක්‍රියා නොහොත් අතුරු කතා....

උදා :- "මං කුස්සියට යනකොට අම්මා උය උයා (උයමින්) හිටියා...."
මේ වාක්‍යයේ ප්‍රධාන කතාව තමා "මං කුස්සියට ගිය එක" අතුරු කතාව තමා "අම්මා උයමින් හිටිය එක"... එහෙනං වාක්‍යයේ පළවෙනි කොටස ගැන කියන්න අපි ගන්නේ Simple Past Tense දෙවනි කොටස කියන්න ගන්නේ Continuous Tense

මේ වාක්‍ය හදන කොට අපිට ටිකක් විශේෂ පද සෙට් එකක් එකතු වෙනවා. ඔයාලනං දන්නවා ඇති නේ.... වර්තමාන කාලය සඳහා am, is , are ත්, අතීත කාලය සඳහා was, were ත්, අනාගත කාලය සඳහා will be ත් පාවිච්චි වෙනවා. ඒවා එන්නේ මොනවටද කියලා පල්ලෙහා රූපසටහනේ ඇති පැහැදිළිව. මෙතෙන්දි I කියන කෙනා විශේෂයි. එයා ඒක වචනයක් හැටියට භාවිතා වෙන එකම තැනත් මෙතන. ඒකියන්නේ was යෙදෙන තැන... ඉංග්‍රීසියේ අනිත් හැම තැනකදිම I බහුවචනයක්....


                                               ( රූපයේ මැද ක්ලික් කර ලොකු කර බලන්න)

දැන් අපි පාඩමේ ප්‍රධාන කොටස් වලට යමු. සිංහල වාක්‍ය රටාව හොඳින් අල්ලගන්න. එතකොට වැඩේ ගොඩ.... මම I කියන එක්කෙනාට එක වාක්‍යයි, ඒක වචන කර්තෘ කෙනෙක් නියෝජනය වෙන්න She සහ බහු වචන කර්තෘ කෙනෙක් නියෝජනය වෙන්න We තෝරගන්නම්....

(1) Present Continuous Tense

මම බත් කමින් ඉන්නවා               =     I        am      eating rice
ඇය බත් කමින් ඉන්නවා              =    She      is       eating rice
අපි බත් කමින් ඉන්නවා               =    We     are      eating rice

වර්ණ ගැලපීමත් එක්ක සංසන්ධනය කරලා බලන්න... තවත් තේරෙයි


(2) Past Continuous Tense

මම බත් කමින් හිටියා              =     I        was       eating rice
ඇය බත් කමින් හිටියා             =    She     was       eating rice
අපි බත් කමින් හිටියා              =    We     were      eating rice


(2) Future Continuous Tense

මම බත් කමින් ඉඳීවි            =     I        will be       eating rice
ඇය බත් කමින් ඉඳීවි           =    She     will be       eating rice
අපි බත් කමින් ඉඳීවි            =    We     will be       eating rice

හොඳට බලන්න වර්තමාන කාලේ තුන්දෙනාට තුන් විදිහකට සළකන්නේ.... 
අතීත කාලේ දෙන්නෙකුට එක විදිහට සළකනවා... එක්කෙනෙක්ට වෙනස්...
අනාගත කාලේ තුන්දෙනාටම එක විදිහට සළකන්නේ....

ඔයාලට පේනවා ඇති වර්තමාන, අතීත සහ අනාගත කාල තුන සඳහාම ක්‍රියාපදය වෙනස් වෙලා නෑ කියලා. කමින් = eating ඒ විදිහටම හැම තැනදිම දකින්න පුළුවන්. වෙනස් වෙලා තියෙන්නේ am, is, are, was, were, will be විතරයි....

තව තේරුණේ නැති තැන් තියනවනං අහන්නකෝ... 

එහෙනං අදට ඇති....ජය ශ්‍රී.... තෙරුවන් සරණයි....

Friday, February 28, 2014

කොල්ලෝ Interview එකකට යනකොට කොහොමද අඳින්න පළඳින්න ඕන....

සමහරුන්ටනං මේක විහිළුවක් වගේ හිතෙයි. නමුත් ඔයාලා සම්මුඛපරීක්ෂණයකට එහෙම යනවනං එයාලා ඉස්සරලම බලන්නේ ඔයාගේ පෞරුෂත්වය, ඇඳුම සහ මූණේ තියන හැඟීම....


මං මේ කියන්නේ බර වාහන එලවන්න යන තැන් වල, ගාමන්ට් වල ඉන්ටවිව් ගැන ඒම නෙමෙයි ඈ... 

වයිට් කොලර් ජොබ් ගැන.... 


රූපය පැහැදිළි නැත්තම් රූපයේ මැද ක්ලික් කර ලොකු කර බලන්න....

දැන් මෙන්න මේ පළවෙනි විදිහට තමා කොල්ලෙක් ඇඳුම ඇඳන් යන්න ඕනි. වැරදි දාලා තියන විදිහට අඳින එක නම් සුදුසුම නෑ.
දැන් කියයි ඕක මෙහෙම පොස්ට් දදා කියන්න දෙයක්යැ කියලා....

ඕව් පෝස්ට් දදා කියන්න නෙමෙයි ටොකු ඇන ඇන කියලා දෙන්න ඕනි දෙයක් මේක.... මේ ඇඳුමේ ඔයාලා නොදන්න පැති ගොඩක් තියනවා. ඒවා පල්ලෙහායින් පිළිවෙලට සඳහන් කරන්නං.

1 - 5 ට තමා නිවැරදි ක්‍රම ටික.....

බ්ලේසර් එකක් දානවනං තද කළු, තද නිල් හෝ අළු පැහැති එකක් වෙන්න ඕනි. කැටයම් ගොඩක් තියෙන්න බෑ හැබැයි. පහළ අතට පෙනෙන නොපෙනන තරමට සිහින් ඉරි තිබ්බට කමක් නෑ.

අනිත් එක කොණ්ඩේ පිළිවෙලට කොටට කපලා, පීරලා තියෙන්න ඕනි. අන්ං මනං ස්ටයිල් දාලා ගියොත් නං චාටර් වෙනවා. නියපොතු පවා හොඳින් කොටට කපලා තියෙන්න ඕනි.

කරාඹු, අනවශ්‍ය මුදු, මාල වගේ දේවල් තියනවනං ඉවත් කරන්න ඕනි. ජංගම දුරකථන විසන්ධි කරන්න ඕනි. ඔෆීස් බෑග් එකක හරි ෂිප් එකකින් වටේටම වැසිය හැකි ෆයිල් එකක තමන්ගේ සහතික ආදී දේ ඇරගෙන යන්න ඕනි. 
  1. ෂර්ට් එක - බ්ලේසර් එක දාන්නේ නැත්තං ටිකක් තද පාටක් උනාට කමක් නෑ. හැබැයි නිල් තමා වඩාම සුදුසු. බ්ලේසර් එක දානවනං ෂර්ට් එක ලාම ලා නිල් හරි සුදු හරි..... හැබැයි මොකුත් කැටයම් නැති ප්ලේන්, අත් දිග ෂර්ට් එකක් හොඳට අයන් කරලා අඳින්න ඕනි.
  2. කලිසම - හොඳට ඉස්සරහා ඉර තියලා මැදපු ඩීසන් කලිසමක් වෙන්න ඕනි. කළු පාට ඉතාමත් සුදුසුයි. 
  3. සපත්තු - හොඳට දිලිසෙන්න මැදලා තියෙන්න ඕනි. ලොකුම දේ තමා බෙල්ට් එකයි සපත්තු දෙකයි එකම පාට තියෙන්න ඕනි. බෙල්ට් එක දුඹුරු පාටනම් සපත්තුත් දුඹුරු වෙන්න ඕනි. නැත්තං දෙකම කළු වෙන්න ඕනි.
  4. කමිස අත - බ්ලේසර් එකෙන් පිටට කමිස අත අඟල් 1/2ත් අඟලත් අතර එළියට ඇවිත් තියෙන්න ඕනි. ඒක අනිවාර්යයි.
  5. ටයි එක - කමිසෙට ගැලපෙන්න දාන්න ඕනි. ටිකක් තද පාටක් උනාට කමක් නෑ. කමිසේ ලා පාට නිසා...

6 - 13 ට තමා වැරදි ක්‍රම ටික.....

  6. කොණ්ඩේ චාටර් ස්ටයිල් දාලා යන්න එපා. පිළිවෙලකට කොටට           කපලා පීරලා යන්න
  7. ඕනවට වඩා හිරට බ්ලේසර් එක අඳින්න එපා. ටයි එකේ යට                   කොටස බ්ලේසර් එකෙන් පිටට පේන්න දෙන්න එපා.
  8. ඕනවට වඩා කමිස අත බ්ලේසර් එකෙන් පිටට එන්න දෙන්න එපා.

  9. කලිසම ගොඩක් කොටට අඳින්න එපා. සපත්තුවේ ගෑවෙන්න                 තියෙන්න ඕනි. ඉඳගත්තම මේස් එක ටිකක් පෙනුනට කමක් නෑ.
  10. මේස් නොගැලපෙන්න දාන්න හොඳනෑ පිටට පේන්නේ නෑනේ             කියලා. මේස් කමිසෙට ගැලපෙන්න ඕනි. හැබැයි කමිසේ සුදු කියලා       මේස් සුදු පාට දාන්නේ නෑ. තද නිල්, කළු හෝ අළු පාට තමා මේස්           දාන්නේ.
  11. ෂර්ට් එක උඩින් දාලා රස්තියාදු කාරයා වගේ නං යන්න එපා.                 බ්ලේසර් එකක් නැතත් පිළිවෙලකට යට කරලා ලස්සනට යන්න.

හොඳට මතක තියාගන්න... ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්නේ තියුණු ඇස් තියන බුද්ධිමත් සහ පළපුරුදු අය. ඔයාගේ පළමු පෙනී සිටින විදිහෙන් ගොඩක් දේවල් එයාලා තීරණය කරනවා. කස්ටියට මතක ඇති අර මූණේ ගාන ක්‍රීම් එකක ඇඩ් එකක් ගියා ටීවි එකේ.... ආං ඒ ඇඩ් එක මං දැකපු හොඳම ඇඩ් වලින් එකක්. හේතුව තමා තමන්ට පුළුවන් වෙන්න ඕනි ඉන්ටවිව් බෝඩ් එක ආක්‍රමණය කරන්න. තමන්ගේ පඩිය තීරණය කරන්න. තමන්ට හම්බවෙන වරප්‍රසාද තීරණය කරන්න. 

ඒක එහෙම කරන්නනං උපරිම සුදුසුකම් තියන කෙනා ඔයා වෙන්න ඔනි. දැන් තියෙන්නේ සුදුසුකම් අතර තරඟයක්. පොඩ්ඩක්වත් නිකන්නම් කාලේ කන්න එපා.... සුදුසුකම් පුරවගන්න තමන්ගේ ලිපි ගොනුවට.

දැන් කෙල්ලෝ තරහා වෙනවා අපේ රෙද්ද දාලා නෑනේ කියලා... ඊලඟ පොස්ට් එකකින් අනිවා දානවා ඈ..... ලස්සනට හදන්න එපැයි කෙල්ලොන්ගේ ඒවා වෙච්චම නේද...???

එහෙනම් ඊලඟ පොස්ට් එකෙන් හමු වෙමු. ජය ශ්‍රී.... තෙරුවන්සරණයි.....
අපේ Facebook පිටුවටත් ගොඩ වෙලාම යන්නකෝ