මේවා දාන තැන් දැනගනිමු...
තව චුට්ටි පාඩමක් කියලා දීලම Tenses පටන් ගන්න කියලා හිතුවා.... එතකොට තවත් ලේසියි වාක්‍ය ගොඩනගන්න. මේ පාඩමේ නම තමා Articles (ආටිකල්ස්).
මහ ලොකු දෙයක් නෙමෙයි.... a, an, the කියන වචන තුන යොදන තැන් ගැන කියන්න යන්නේ මේ.... හැබැයි පොඩි දෙයක් කියන්න ඕනි. " the " යොදන සහ නොදාන තැන් කියලා වෙනම කොටස් තියනවා. ඒක ටිකක් ලොකු පාඩමක්. විස්තර කරන්න ඕනි ගොඩක්. දැනට දළ වශයෙන් මං කියලා දෙන්නංකෝ.....
අපි ඕනෑම දෙයක් ගැන පළවෙනියට විස්තර කරනවනං හෝ කතා කරන දෙන්නගෙන් එක්කෙනෙක් හෝ ඒ දෙන්නම හෝ කතා කරන දේ පිළබඳව නොදනීනම් අපි ඒ නාම පදය ඉස්සරහින් " a " භාවිතා කරනවා..... ඒ කියන්නේ....??? තේරුණා මදි වගේනේ.....
ඒ කියන්නේ මේකයි. පංතියේ ටීචර් රචනාවක් ලියන්න දෙනවා බල්ලා ගැන. ඔයා ගත්ත ගමං ලියන්නේ නෑනේ අපේ ගෙදර “බල්ලා“ ඉන්නවා කියලා... ඔයා කියන්නේ අපේ ගෙදර “බල්ලෙක්“ ඉන්නවා කියලා.
එතකොට පළවෙනි වාක්‍යයෙන් ටීචර් දැනගන්නවා ඔයාලා ගෙදර බල්ලෙක් ඉන්නවා කියලා. දෙවෙනි වාක්‍යටත් අපි ලියනවද, ඒ “බල්ලෙක්“ගේ නම රැන්ඩි කියලා....??? නෑ නේද.... දෙවෙනි වාක්‍යයේ ඉඳන් අපි ලියන්නේ ඒ “බල්ලා“ගේ නම රැන්ඩි කියලා.....
ඒ කියන්නේ පළමු හැඳින්වීමේදි අපිට " a " භාවිතා කරන්න වෙනවා.
බල්ලෙක් = A dog
බල්ලා = The dog
කොටින්ම කිව්වොත් " ක් " = A වෙනවා. තව උදාහරණයක් කිව්වොත්.....
අම්මේ අර පාර අයිනේ ලොකු " ගහක් " තිබ්බේ..... අන්න ඒ " ගහ " කඩං වැටිලනේ....
ගහක් = A tree
ගහ = The tree (මේ වාක්‍යයේ හැටියටනං එන්න ඕනි That tree කියලා. ඒක ගණන් ගන්න එපා. අදාල දේ විතරක් ඔළුවට ගන්නකෝ)
කෝච්චියක් පිටත් වෙලා = A train has left
කෝච්චිය පිටත් වෙලා = The train has left
**********************************************
දැන් බලමු " an " භාවිතා කරන්නේ මොන නාමපද ඉස්සරහින්ද කියලා....
සමහරු හිතං ඉන්නවා විතරක් නෙමෙයි, උගන්නන්නෙත් ස්වර අක්ෂර (Vowels = a,e,i,o,u) ඉස්සරහින් " an " පාවිච්චි කරනවා කියලා....
සම්පූර්ණ වැරදි.
නාමපදය Vowel එකකින් පටන් ගත්ත පලියට " an " දාන්න බෑ.... ඒකට Vowel Sound එකක් තියෙන්න ඕනි. ඒකියන්නේ.....???
අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ කියන ශබ්ද තියනවද කියලා බලන්න ඕනි.
උදා :-
apple (ඇ) = an apple
egg (එ) = an egg
වගේ...... දැන් බලමු Vowel එකකින් පටන් ගත්තට an එන්නේ නැති නාම පද කිහිපයක්...
උදා:-
European (යු) = a European
University (යු) = a University
වගේ ඒවා Vowel එකකින් පටන් ගත්තට ශබ්ධය Vowel Sound එකක් නෙමෙයි. දැන් බලමු ව්‍යංජනාක්ෂරයකින් (Consonant) පටන් ගෙන " an " යෙදෙන ඒවා....
උදා:-
Hour (අ) = An hour
Honor (ඔ) = An honor
වගේ ඒවා.... තව වචන තියනවා.... හොයලා බලන්න. පුළුවන් වෙලාවක මාත් දාන්නංකෝ තව විස්තර ඇතුව. සේරම දුන්නම අගේකුත් නෑනේ.... යමක් ඉගෙනගත්තනං පොඩි කොමෙන්ට් එකක් දාලාම යන්න මාව දිරිමත් කිරීමක් විදිහට. අඩුපාඩුවත් තියේනං ඒකත් කියන්න.
The ගැන භාවිත ටික ආයේ පස්සේ දවසක සවිස්තරාත්මකව දාන්නංකෝ
ජය ශ්‍රී.... තෙරුවන්සරණයි
දිගටම කරන් යමු මචන්.එල හොදේ
ReplyDelete