උගන්නන්න අමාරුම සරළ කාලය.....
ඔන්න අද පටන් ගන්නවා Tenses පාඩම. ඒකේ මුල්ම පාඩම තමා මේ Simple Tense කියලා කියන්නේ. සිම්පල් කිව්වට සිම්පල්ම නෑ.... උගන්නන්න ටිකක් අමාරුයි. පොඩි පොඩි කෑලි ගොඩායි. ඒ හින්දා කියවනකොට අවබෝධෙන් කියවන්න.
මං කලින් පෝස්ට් එකක කිව්වා වගේ හැම Tense එකක්ම අතීත (Past), වර්තමාන (Present), අනාගත (Future) කියලා කොටස් තුනකට කැඩෙනවා.
එහෙනං පළවෙනි අනු මාතෘකාවට ගොඩ බහිමු....
(I) Simple Present Tense
ගත්තු ගමන්ම කියන්නං මේකෙන් අපි මොනවා ගැනද කතා කරන්නේ කියලා.
Simple Present Tense කියලා මාතෘකාව තිබ්බට මේක වර්තමාන කාලයට සීමා වෙන්නේ නං නෑ. එහෙනං.....???
අපි මේ වාක්‍ය රටාව යොදා ගන්නේ අතීතයේ සිට මේ දක්වාත්.... මෙතැන් සිට ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන ක්‍රියා පිළිබඳ කතා කරන්න.
ඒ කිව්වේ....???
උදාහරණ වලින්ම කියන්නංකෝ....
බත් කනවා, නිදියනවා, නානවා, බොනවා, ටී වී බලනවා, ෆේස් බුක් යනවා, රෙදි හෝදනවා.... වගේ දේවල්.
ඒ කියන්නේ හැමදාම කරන දේවල් ගැන කියන්න නේද අපි Simple Present Tense පාවිච්චි කරන්නේ....
නෑ වැරදි..... හැමදාම කරන්න ඕනි නෑ. වෙන්න ඕනි, තීතයේ සිට මේ දක්වාත්.... මෙතැන් සිට ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන ක්‍රියාවක් වීමයි.
ඒ කිව්වේ....???
ඒ කිව්වේ, ඉස්කෝලේ යනවා (සතියට දවස් 5යි), දහම්පාසල් යනවා ( සතියට එක දවසයි), (අවුරුද්දකට සැරයක්) ට්‍රිප් එකක් යනවා, උපන්දිය සමරනවා (අවුරුද්දකට එක සැරයයි).....
වගේ දේවල්. මේවා හැමදාම කරන දේවල් නෙමෙයිනේ.
එහෙනං අවබෝධ වෙන්න ඇති අපි Simple Present Tense පාවිච්චි කරන්නේ මොනවගේ දේවල් ගැන කතා කරන්නද කියන එක.
දැන් ඕං මං කලින් කියලා දුන්නු S V O ක්‍රමය ඕන වෙනවා.... ඒ කිව්වේ Subject Verb Object කියන වාක්‍ය ගොඩනැගීමේ ක්‍රමය.
උදා:-
මම බත් උයනවා = I cook rice
S O V S V O
අපි පාසල් යනවා = We go to school
S O V S V O
ඔවුන් පොතක් ලියනවා = They write a book
ඔබ ලියුමක් කියවනවා = You read a letter
ඔවුන් පොතක් ලියනවා = They write a book
ඔබ ලියුමක් කියවනවා = You read a letter
මේ වගේ තමා ඉතිං වාක්‍ය හදන්න තියෙන්නේ.... ගේමක්ම නෑ. ඉස්සරලා Subject හොයා ගන්නවා, ඊට පස්සේ Verb එක හොයා ගන්නවා, අන්තිමේට Object හොයාගෙන ලියනවා. එච්චරයි....
හැබැයි පොඩි අවුලක් තියනවා.... අපිට ඒක වචන සහ බහු වචන කර්තෘන් වලට වෙන වෙනම සළකන්න වෙනවා.
බහු වචන කර්තෘන්ටනං මං උඩින් දීලා තියන උදාහරණ වල විදිහටමයි වාක්‍ය ගොඩ නැගෙන්නේ. I කියන කෙනත් බහු වචනයක් කියලා මං කිව්වනේ කලින් පෝස්ට් වල.
එහෙනං බලමු ඒක වචන කර්තෘන් වලට මොකක්ද කරන විශේෂත්වේ කියලා. මෙතෙන්දි ක්‍රියා පදය (Verb) අගට " s, es, ies " කියන අකුරු එකතු වෙනවා. එන්නේ මේ තුනෙන් මොකක්ද කියන එක තීරණය වෙන්නේ ක්‍රියාපදයේ ස්වරූපය අනුව.
(i) s යෙදෙන ක්‍රියා පද මොනවද...???
ඕනෑම ක්‍රියාපදයක් ව්‍යංජනාක්ෂරයකින් (Consonant) එකකින් අවසන් වේනම් අගට " s " එකතු වේ.
උදා:- read ------> reads
cook -----> cooks
(ii) es යෙදෙන ක්‍රියා පද මොනවද...???
ඕනෑම ක්‍රියාපදයක් ස්වර අක්ෂරයකින් (Vowel) එකකින්, "ch, sh, x" වලින් අවසන් වේනම් අගට " s " එකතු වේ.
උදා:- go ------> goes
wash ------> washes
catch ------> catches
(iii) ies යෙදෙන ක්‍රියා පද මොනවද...???
ඕනෑම ක්‍රියා පදයක් Y අකුරෙන් අවසන් වේනම්, නමුත් Y අකුරට පෙර ඇත්තේ ව්‍යංජනාක්ෂරයක් (Consonant) නම්, Y අකුර සම්පූර්ණයෙන් ඉවත් වී ඒ වෙනුවට ies යෙදේ.... Y අකුරට පෙර ඇත්තේ ස්වරඅක්ෂරයක් (Vowel) නම්, s පමණක් යෙදේ.
උදා:- play ------> plays
f l y ------> f l ies
ඒ අනුව ඒක වචන කර්තෘන් සමඟ පහත පරිදි වාක්‍ය ගොඩනැගේ...
ඇය පාසල් යනවා = She goes to school
ඔහු බත් උයනවා = He cooks rice
ඌ දුවනවා = It runs
නිමල් පොතක් ලියනවා = Nimal writes a book
(II) Simple Past Tense
ඔන්න එකක් ඉවර කරලා අතීත කාලය ගැන කතා කරන්න ආවා. උඩ අපි කතා කරපු දේ වර්තමාන කාලයට විතරක් සීමා උනේ නෑ නේද...? නමුත් මේක අතීත කාලයට සීමා වෙනවා. ඒ කියන්නේ...? ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවක් කරා.... ඒක ඉවරයි.
අපි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ.... කෑවා, නෑවා, දිව්වා, බිව්වා... ඒම කියලා කියන්නේ නේද....? ආං ඒවා කියන්න තමා මේක යොදා ගන්නේ.
අපි මෙතෙන්දි යොදාගන්නේ ක්‍රියා පදයේ සරළ අතීත කාලය....
ඒ කියන්නේ....???
go ---------> went
eat ---------> ate
play ---------> played වගේ
හොඳට මතක තියාගන්න.... මෙතෙන්දි ඒක වචන, බහු වචන කර්තෘන් කියලා කාටවත් වෙනස්කම් කරන්නේ නෑ හොඳේ....
උදා:-
මම බත් කෑවා = I ate rice
අපි ක්‍රිකට් සෙල්ලං කරා = We played cricket
ඇය පොතක් ලිව්වා = She wrote a book
(III) Simple Future Tense
මේකෙන් අපි කතා කරන්නේ අනාගතේ කරන්න ඉන්න වැඩ ගැන. මෙතෙන්දි ක්‍රියා පදය අනාගත කාලෙන් පෙන්නන්න ඕනි නිසා අපි ක්‍රියා පදයට ඉස්සරහින් will කියන වචනේ යෙදෙනවා.
අපි කියන්නේ යාවි, දුවාවි, නටාවි, කාවි වගේ වාක්‍ය ඉවර වෙන්නේ මේ Simple Future Tense එකේදි.
මෙතෙන්දිත් ඒක වචන, බහු වචන කර්තෘන් කියලා කාටවත් වෙනස්කම් කරන්නේ නෑ හොඳේ....
උදා:-
මම බත් කාවි = I will eat rice
ඇය පොතක් කියවාවි = She will read a book
අපි ලියුම් ලියාවි = We will write letters
දැන් ඉතිං බලං ඉන්නේ නැතුව ඇති වෙනකං වාක්‍ය හදන්න.... නැත්තං අපරාදේ කියවන්න ගිය වෙලාව. මේවා පොතක සටහන් කරගන්නවනං තමා හොඳ....
තේරුනේ නැති කොටස් තියනවනං අහන්නකෝ ළමායි..... ^_^
No comments:
Post a Comment