මොනවද මේ වාක්‍යක කර්තෘ කියන්නේ...???
හරි...... ඕං අද හා හා පුරා කියලා පොඩි සරළම කෑල්ලක් දානවා පාඩම් වලට අදාලව.......
මොනවා නැතත් මේවා ටික ඉස්සරලම දැනගෙන ඉන්න ඕනි. නැත්තං වාක්‍යය එහෙම ගොඩනගනවා බොරු. මේවට අපි සිංහලෙන්නම් කියන්නේ කර්තෘන් කියලා. ඒ කියන්නේ ඕනෑම වාක්‍යක ක්‍රියාව කරන කෙනා. එහෙම නැත්තං වාක්‍යයේ මේන් කැරක්ටර් එක කිව්වොත් නිවැරදියි.
අපි දැනගන්න ඕනි ප්‍රධාන කර්තෘන් 7ක් ඉන්නවා. ඒවා තමා I, We, You, They, He, She, It කියන ඒවා. පල්ලෙහායින් දාලා ඇති විස්තර ඇතිව. හැබැයි මෙතන I කියන කෙනා පොඩ්ඩක් පිස්සු කෙළිනවා. එයා බහු වචන කර්තෘ කෙනෙක් හැටියට තමා ඉංග්‍රීසි වලදී ගණන් ගැනෙන්නේ. එක තැනක් තියනවා එයා ඒක වචන කර්තෘ කෙනෙක් හැටියට රඟපාන. ඒවා පස්සේ හෙමීට ඉගෙන ගමුකෝ....
ඊට අමතරව Nimal, Kamal, Latha වගේ ඒක වචන නම් වගේම Principals, Teacher, Children වගේ බහු වචන පද ද වාක්‍යය වල කර්තෘන් විදිහට යොදාගන්න පුළුවන්...
මේ ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ටික හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි මුල ඉඳන්ම ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි මේක.
ඊලඟ පොස්ට් එකෙන් හම්බවෙමුකෝ.... ජය ශ්‍රී.... තෙරුවන්සරණයි....
No comments:
Post a Comment