හරි.... ඕං ඉඳලා ඉඳලා ෆේස් බුක් එකටයි බ්ලොග් එකටයි සෙට් උනා. මට හිතුණා මං ඉගෙන ගත්ත දේ අනිත් අයටත් දෙන්න ඕනි කියලා. ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙමෙයිනේ. මනුස්සකම නැතුව මොනවා තිබ්බත් වැඩක් නෑ.
මං ගැන කියලා ඉන්නංකෝ. නැත්තං කස්ටිය හිතයි ලයික් ඇරං පොරක් වෙලා පේජ් ඇඩ්මින් කෙනෙක් කියලා නම පුරසිද්ද කොරගන්ඩ මේ පේජ් එක හැදුවා කියලා. මම ප්‍රියා විජේසිංහ කියලා කියන්නංකෝ. කවුරුත් දන්න නමනේ ඒක. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් ගණිත විෂය ධාරාව හැදෑරුවා. ඊට පස්සේ ඉංග්‍රීසි පැත්ත ගොඩනගාගත්ත නිසා ඒ පැත්තට යන්න ආසාව ඇති උනා. ඒ අතර පෞරුෂ පුහුණු වර්ධන වැඩමුළු සහ තව ගොඩක් කොලිෆිකේෂන් හදාගත්තා. මේ ෆීල්ඩ් එකේදී කොලිෆිකේෂන් වලින් මට ගහන්න කස්ටියට ටිකක් අමාරු වෙයි.
ඒකරලා මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ (Advanced Technological Institute) ඉංග්‍රීසි උසස් ජාතික ඩිප්ලොමාව හදාරන්න පටන් ගත්තා. ඒ අතර ජ‘පුර සරසවියේ ඉංග්‍රීසි උපාධීයත් ගොඩදාගන්න ගමං තමා මේ ඉන්නේ.
මං මහනුවර, තලාතුඔය, මුරුතලාව වගේ නගර වල ටියුෂන් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අතර තනි සහ කුඩා කණ්ඩායම් පංතිත් කරනවා. ඒවා ඉතිං සල්ලි නේ.... මගේ ජීවිතේ ගොඩදාගන්නත් එපැයි. ලොකුවට නැතත් මං ඒවගෙන් සෑහීමකට පත් වෙනවා. ඒ අතර තමා ෆේස්බුක් සහ බ්ලොග් පරිහරණය කරන ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුණ මේ වැඩේ කරන්න හිතුවේ.
අපි බලමු.... මං හිතනවා ඔයාලට ඉගෙන ගන්න යමක් තියෙයි කියලා.
මට පුළුවන් හැම වෙලාවකම මේ බ්ලොග් එකෙත් අප්ඩේට් යයි. ෆේස් බුක් හරහා මං ඔයාලව දැනුවත් කරන්නංකෝ අප්ඩේට් එකක් ගිය ගමන්ම.
දැනට නවතින්නං..... ජය ශ්‍රී.... තෙරුවන් සරණයි
මම එහෙනම් පලවෙනි සිසුවා මේ බ්ලොග් එකෙ
ReplyDelete